gossiplanka image 1
 

මළගිය ප්‍රාණකරුවා ඉල්ලු අරක්කු කාලට වතුර මිශ්‍ර කර තිබීමෙන් උරණ වු ගම්බද දේවාලයක කපු මහතෙකු පූජාවට තබා තිබු සියලු පූජා භණ්ඩ පොළොවේ ගසා මළගිය ප්‍රාණකරුවන් දේවාල භූමියෙන්ද පන්නා දැමූ බව කියැ වන පුවතක් වාර්තාවේ. අවස්ථාවට මුහුණ දුන් පිරිස් සිටි තරණයකු පැවැසු අන්දමට සිද්ධිය මෙසේය. ගම්බද දේවාලයකි. හාස් කම් ඇතැයිද ජනතාව පවසති. මළගිය ප්‍රාණා කරුවන් ගෙන්වීම්ද මෙහි ජයටම කෙරෙයි. පසුගිය දිනක යාද ගමේ පිරිසක්ද මෙහි හිසස් තම මළගිය ප්‍රාණ කරුවකු ගැන අසන්නටය.


"පුජා භාණ්ඩවලට අමතරව මළගිය ප්‍රාණකාරයා කැමැති අහවල් අරක්කුවලින් කාලකුත් ගන්න " කපුවා ඥාතීන් දැනුම්වත් කළේය.


කපුවාගේ දැනුම් දීම් අනුව ඥාතීහුද සියල්ල සූදානම් කළහ. ඒ මළගිය ඥාතියා ගැන දැනගැනීමේ අටියෙනි.  පුජා වට්ටිය අතට ගත් කපුවා කුටියට රිංගුවේ ඥාතීන්ට වැදගැනීමට උපදෙස් දෙමිනි. මොහොතක් හත විණි. ව කන්නලවිට වෙනුවට දේවාලය තුළින් ඇසුණන් අසභ්‍ය වදන් වැළකි.

ඒත් සමගම විවිධ වර්ණයෙන් පිසින ලද බත් මුට්ටි, මල්බදුන්, කැවිළි පෙවිලි පමණක් නොව උල් ආයුධ දෙක තුනක්ද ඔවුන් ගෙනා අරක්කු බදුනද දේවාලයේ මිදුලට විසිවන්නට පටන් ගත්තේ වැද ගෙන සිටි ඥාතීන් ඉහත් භීතියට පත් කරමිනි.


සුළු වේලාවක් ගත වෙද්දී සරම කරට ගත් කපුවා අසැබි වදන් පවසමින් සමෙම පිරිස පසුපස එළවා ගත් සදෙවියන් සග සසල්ලම් කිරීම් ආදීනව අද කෙටම ලැබෙන බවද පවසමිනි. මද දුරක් දිව ගොස් තමුන් පැමිණි ත්‍රිරෝද රථයට   ගොඩවු පිරිසේ සිටි තරුණ ගැටයෙකු සිය සගයාගේ කනට කර කියා අත්තේ " මම කපුවගේ අරක්කු කාල බීල තේක කහට පිරවිව්වා" යනුවෙනි.