gossiplanka image 1
 


බිංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගමනා ගමන පහසුකම්වත් හරිහැටි නොමැති දුෂ්කර ප්‍රදේශයක පදිංචි නිවෙස් හිමියෙකුගෙන් ඡායාරූප ශිල්පියෙකුට සුහඳ ආරාධනාවක් ලැබිණි. ඒ එම නිවසේ කුඩා දැරියකගේ උපන්දින උත්සවයේ ඡායාරූප ගැනීම සඳහාය. කොළමුණු ඔයටන් දැදුරුඔයටත් මැදිව පිහිටා තිබුණ එම ග්‍රාමයේ පදිංචිකරුවන්ගෙන් ඇතැම් අය දිළිදු අය වන අතර බොහෝ දෙනෙක් ජීවත් වන්නේ එදිනෙදා කුලී වැඩ කිරීමෙනි. ඡායාරූප ශිල්පියාට ආරාධනා කළ නිවෙස් හිමියාද කුලී රැකියාව කරන්නෙකි. වැඩට යාමට කලින් දැරියගේ උපන් දින උත්සවයේ කටයුතු සිදුකළ යුතු බැවින් උත්සවය පාන්දරින්ම සිදු කෙරිණි.


නියමිත වේලාවට ඡායාරූප ශිල්පියා ද  එම නිවසට පැමිණ තිබුණි. කිරිබත්, කැවුම්, කෙසෙල්, අලුවා, බිස්කට් වර්ග ඇතුළු විවිධ රස කැවිලි වලින් කෑම පැදුර සැරසී තිබිණි. පැදුරක් මත කෑම තබා තිබුණේ එම නිවසේ බේසයක් නොතිබු හෙයිනි. ඡායාරූප ශිල්පියා මුලින්ම කේක් සැරසිල්ලේ ඡායාරූප ගෙන ඉන්පසු දැරිය විසින් එය කපන ආකාරය ද ඡායාරූප ගත්තේය. දැරියගේ කැමැත්ත අනුව මෙන්ම නිවෙස් හිමියන්ගේ ඉල්ලීම අනුව විවිධ ආකාරයේ ඇඳුම් පැළඳුම් වලින් හැඩ වැඩ වෙමින් ඡායාරූප ගැනීමට දැරියට අවස්ථාව ලැබිණි.


පවුලේ අය ඇතුළු සියලු දෙනාගේ ඡායාරූප ගැනීමෙන් පසුව ආගන්තුක අයට හා හිතවතුන්ට තේ බිමට ස්ථානයක් නිවෙස් හිමියන් විසින් සුදානම් කරනු ලැබීය. ඒ අවස්ථාවේ එම නිවසේ දැරිය කිරිබත් කෑල්ලක් කමින් සිටියාය. ක්ෂණයකින්  දැරියගේ පිටුපස පැත්තෙන් පැමිණි බල්ලෙක් දැරියගේ අතේ තිබුණ කිරිබත් කෑල්ල කඩාගෙන කන්නට පටන් ගත්තේය. දැරිය බියට පත් වී අඬන්නට වූවාය. ඇය අඬන ශබ්දය ඇසුන විගස නිවෙස් හිමියා වහා දුවගෙන ආවේය. නේ බොමින් සිටි පිරිස ද එතනට ආවේය.  සිද්ධිය ගැන දැඩි කෝපයට පත්වු නිවෙස් හිමියා බල්ලාට වැරෙන් පහරක් ගැසුවේය. එසේ පහර දුන්නේ උදැල්ලකිනි. උදැල්ලෙන් ගැසු පහර මරු පහරක් විය.


දැරියගේ උපන්දිය සැමරු දින බල්ලාට අවසන් ගමන් යන්නට සිදු විය.  නිවෙස් හිමියාට එදින බල්ලාගේ අවසන් කටයුතු ද සිදු කිරීමට ගෙවත්තේම වළක් කැපීමට සිදු වුයේ බල්ලාට පහර දුන් උදැල්ලෙන්ම වූ අතර එදින වැඩ කටයුතු බහුල වීම නිසා රැකියාවට යාමට ද නොහැකි විය.