පසුගිය දිනෙක මුදල් හා බැංකු කාඩ්පත් සමග මගේ මුදල් පසුම්බිය රුවන්වැලි මහා සෑය අසල රථගාලේ දී නැති විය. පසුව දැනගත් පරිදි බිම වැටී තිබූ එම මුදල් පසුම්බිය කාන්තාවක විසින් අහුලා ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි උඩමළුව පොලිසියේ නිලධාරීන්ගේ විමසිලිමත් දෑසට එය හසුවි තිබේ.
ඒ හේතුවෙන් එම මුදල් පසුම්බිය පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන මා වෙත ලබා දීමට කටයුතු කෙරිණි. පොදු ජනතාවගේ සුබ සෙත උදෙසා අව්ව වැස්ස නොතකා සේවය කරන මෙවන් නිලධාරීන්ට ජනතාව වෙනුවෙන් මාගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි.
Comments
Post a Comment