ආසන ප්‍රමාණයට මගීන් පිරි තිබූ බසය සාමාන්‍ය වේගයෙන් ඉදිරියට ඇදී යයි. බිම පසුපසු අසුනට බර දී සිටියමි. එකිනෙකා තම සමීපයේ සිටින අය සමඟ කතාබහේ යෙදී සිටිති. තවත් අය අඩ නින්දේය. කල්පනා ස්වරූපයන් සිටින අයද වුහ. බසයේ වේගය උස්පහත් විම ඉඳ හිට ක්ෂණිකව තිරිංග ගැසීම් නිසාත් රියැදුරු දෙස කීප දෙනෙක් වපර ඇසින් බලන්නට වුහ. කැසට් රේඩියොවෙන් දසත පැතිරෙන “නුවරප්‍රිය යන්න ඇගේ පතේ සුවය දැනගන්න... සිංදුව මඳ අස්වැසිල්ලක් ලබා දෙයි.
ඉදිරි අසුනක ඉඳගෙන සිටින තලතුනා වියේ පසුවන මඳක් රැවුල වවාගෙන සිටි අයකු දැඩි නිදිබර ගතියකින් සමීපයේ සිටින දැකුම් කළු යුවතියකගේ කර පෙදෙසට නිදි කිරා ගතියෙන් ඇද වැටෙන දසුන පෙන්නන දසුනක් විය. යුවතියද එය කරදරයක් බව අඟවමින් ඈ අසුන් තව තවත් කෙළවරට තෙරපෙන්නීය. බසයේ ගැස්සීමත් සමඟ වහා අවදිවන ඔහු ප්‍රකෘති සිහිය ලබාගෙන නැවත හරිබර ගැසී දැස් දැතින් පිසදා ගනී. මඳ දුරක් ගිය පසු පෙර පරිදිම එහි අය යුවතියගේ කර පෙදසට නිදිකිරා වැටන්නේය. කාන්තාවන් කීප දෙනෙකු ඇතුළු පිරිමිද එහි අයට නෝක්කාඩු ඇසන නොඇසෙන පරිදි කියන්නට වූහ. කෙළවර අසුන්ගෙන සිටි තරුණයකු ඉද්ද ගැසුවාක් නයින් විහි අය වෙත පැමිණ උර හිසට තට්ටු කරමින් මේ ගැහැනු මඟියකුට බස් එක්ක නිදහසේ යන්න දෙනවා.
ගෙදර ගිහිල්ල නිදාගන්නවා. යනුවෙන් අන් සැමගේ අවධානය යොමුකර ගනිමින් ඔහු පවසා සිටියේය. ප්‍රකෘති සිහිය ලැබු නිදි කිරමින් සිටි තරුණයා දෙසට තියුණු බැල්මක් සහ දබරඟිල්ල දිගු කර මේ මිනිහෝ උඹ දැන ගනින්, මම බැඳපු කෙනෙක් . මට ගැහැනු පිස්සුවක් නෑ. යකෝ අහගනින්. මං මේ දවස් ගණන් නිදි ඔරල එන්නේ . මං උබව හොඳට නිදි කරවන්නම්. ඔහු දැඩි කේන්තියෙන් පුපුරු ගාන්නට විය. මුළු බසයම මීයට පිම්බාක් මෙනි. තරුණයාද පවසා සිටියේ.
"ඔහොම යං. ඔහොම යං. එහෙනම් ඉස්සරහට ගිහිල්ල බලාගනිඳි යැයි පැවැසීය. ක්‍රමයෙන් බසයේ පසු පස දොරටුවට සමීප වූ තරුණයා වාහන තදබදයට බසයේ වේගය බාල කරනවාත් සමඟ බසයෙන් පැන ගියේය. කොන්දොස්තර මහතා පවසා සිටියේ බසයේ හයිනාන්තය දක්වාහි ඔහු ප්‍රවේශපත් ලබාගෙන සිටි වගයි.
Comments
Post a Comment