නිදිවරා සිටි ආරක්‍ෂක නිළධාරියාට සංචාරක නිලධාරියා කතාකොට " බණ්ඩාර අද ඔයා ගාඩ්න් එකට යන්න. එතන රෙස්ට් පොයින්ට් එකක්” යයි පැවසීය. ආරක්‍ෂක නිලධාරියා වත්තට ගොස් පුටුවක් රැගෙන එපිසීහනට පැමිණ දෑස් පියාගෙන විවේක ගන්නට විය. පැයක් ගතවිය. මහත්තයා නිදි? බලන්නකෝ මේ ගේට්ටුව ඇරලා. කවුරුවත් ආවද දන්නාහැ. වටේම ඉන්නේ කුඩ්ඩො. මටත් නින්ද ගියා." , වතු සේවකයා පැවසීය.
වහා අවිදි වූ ආරක්‍ෂක නිළධාරියා වේලාව බලා ගැනීමට තම ස්මාර්ට් ජංගම දුරකතනය සෙව්වත් දැකගත නොහැකි විය. "හරි වැඩේ මගේ ෆෝන් එක නැහැනේ '' ආරක්‍ෂක සේවකයා කීය. රාත්‍රියේ එතැනට ආරක්‍ෂක නිලධාරියෙක් අවශ්‍ය නොවන නිසා බෝඩිමටම පැමිණි ඔහු මිතුරකුගේ දුරකථනයෙන් තයි දුරකතනයට ඇමතුමක් ගත්විට එය නාදවනු ඇසිණි. මිතුරා ඇමතූ හෙතෙම "එතැන වැඩ කරන අන්කල් කට්ටයි. මේ ෆෝන් එකත් නිසා මිනිහට ඕෆ් කරන්න තෙරෙන්නේ නැහැ මිනිහා කොහේ හරි හංගලා ඇතියි " පැවසීය.
පසුදින ආරක්‍ෂක නිළධාරියා කෙළින්ම ගියේ වත්තටය.
" අදත් මෙහේ ඩියුටි" සේවකයා ඇසීය. එවිට ආරක්‍ෂක නිළධාරියා
" ඩියුට් නැහැ. මම පොලිසියට ගිහිල්ලා එන ගමන් " යැයි පැවසීය. මොනාද පොලිසියෙන් කීවේ. සේවකයා විමසීය.
එවිට ආරක්‍ෂක නිලධාරියා ' ඔයාලා මාව කොම්පියුටර් රූම් එකට ගෙනියලා ෆෝන් එකට කෝල් එකක් ගත්තා. රිංග් යනවා එයාලා කොම්පියුටර් බලා කීවා මිටර් දාහක් ඇතුළත තමයි ෆොන් එක තියෙන්නේ. හොයාගන්න පුළුවන් කියලා”
එවිට සේවකයා "මේ වතු අස්සේ එක කොහේ හොයන්නදැයි” ඇසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා "පොලිසියේ මීටරයක් තියනවා. ඒකත් ෆෝන් එක තියෙන දිශාව පෙන්නුම් කරනවා හරියට පොඩි බිත්ති ඔරලෝසුවක් වගේ. එකේ කටු කෝල් එකක් ගන්න පාරක් ගානේ අංශක ගානකට සිට දකුණට හැරනවා. එහෙම හැරී හැරි පොලීසියේ මහත්වරුන්ට ෆෝන් එක තියන තැනට අරන් යනවා. පොලිසිය තව පොඩ්ඩකින් එනවා කීවා. මගේ ෆෝන් එකටම නොවේ නැතිවෙච්ච තව ගොඩක් ෆෝන් තියනවලු. ගත්ත මිනිහට දෙක අනින කොට අනික් ෆෝන් ගැනත් කියයි" නිළධාරියා බොරුවක් ඇදබා පාරට පැමිණියේය.
''මහත්තයා, මහත්තයා '' යනුවෙන් අත්පුඩි ගසා කතා කපු සේවකයා "හොයි ටිකක් ඉන්න " යැයි පවසා දුකට පැමිණි " ඔයි සියාව මට්ටු කරන්නයි ෆෝන් එක හැංගුවේ. බඩු ඔහොම දාලා නිදා ගන්න එපා" යැයි පවසා ඔහුගේ කාමරයට ආරක්‍ෂක නිලධාරියාව කැටුව ගොස් පෙට්ටියක් තුළ පෙරෝනයකින් වසා තිබු ජංගම දුරකථනය ඔහුට ලබාදුන්නේය.
ආරක්‍ෂක නිලධාරියා හිටපු බන්ධනාගාර නියාමකවරයෙකි. කැළණි
ප්‍රදේශයේ සිදුවුවකි.
Comments
Post a Comment