මෘත දේහයක් බාරදී මහ රෑ ආපසු එද්දී අවමංගල රථය ඇතුලෙන් භූතයන් දෙදෙනකු එකවර සිතුවිලි නිසා රියැදුරා බියට පත්ව සිදුවීමට ගිය රිය අනතුරක් නූලෙන් වැදෑකී යමේ පුවතක් ගාල්ලට නුදුරින් පිහිටි ගමකින් වාර්තා වේ. කලක් රෝගාතුරව ඔත්පලවී සිටි අයකු ඉකුත්දා රාත්‍රියේ අසනීප වී තිබිණි. නිවෙසේ සිටියේ දියණියන් තිදෙනකු පමණි. ඔවුන් වහා ක්‍රියාත්මක වී අසල්වැසියකුගේ වාහනයකින් රෝගියා රෝහලට ගෙන ගියහ. රෝහලට ගෙන යන විටත් ඔහු මියගොස් තිබිණි. හරි හැටි අවබෝධයක් නොතිබූ දියණිවරුන් රෝහලේ ට්‍රොලියක් සිත මෘත දේහය තබා ආපසු පැමිණියේ රෝහලේ කිසිවෙකුටවත් නොදන්නමිනි.
ටික වේලාවකට පසු රෝහලේ කාර්ය මණ්ඩලය මේ ගැන කැලඹිමකට පත්ව රෝහල් පොලීසියද කැඳවා තිබිණි. අසල්වැසි ඥාතියකු අසනිප වී රෝහලට ගෙන ගිය බව දැනගත් අවට පදිංචි තරුණයන් දෙදෙනකු රෝගියා බැලීමට රෝහලට ගියේ මේ අතරවාරයේදීය. මේ දෙදෙනා මෘත දේහය බලද්දී එකවර කඩා පැන්න පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඝාතනය කොට සිදු සිරුරක් රෝහලට ගෙනැවිත් දමා යෑමේ චෝදනාව මතය. මල සිරුර අයිති දියණිවරුන් තිදෙනා පැමිණ කරුණු පැහැදිලි කර දීමෙන් පසු තරුණයන් දෙදෙනා මුදා හැර්සිට පියවර ගත් අතර පිළිබඳව ඔරණ පරීක්‍ෂණයක් පැවැත්වීමටද කටයුතු සූදානම් කෙරිණි.
මරණ පරික්‍ෂණ කටයුතු පසුදින පැවැත්වු අතර ස්වභාවික මරණයක් බවට වෛද්‍යවරු සනාථ කිරිමෙන් පසු මෘතදේහය ඥාතීන් වෙත බාර දෙන ලදී. දැනුම් දීමකට අනුව පැමිණි සිශාත්‍රාවකින් සෘතදේහය ගෙනගොස් සම්බාව කර නිවෙසට ආපසු ගෙනෙන විටත් රාත්‍රී වී තිබිණි. ඒ වන විටත් ඉහත තරුණයන් දෙදෙනා අධික ලෙස සිත් වතුර පානය කර ඔහු ගෙදරට පැමිණ සිටියහ. මෘත දේහය නිවසට ගෙන ගිය පසු අවධිහල රථයේ විවෘත කර තිබූ පසුපස දොරෙන් ඇතුල් වී නිදාගත්හ. ටික වෙලාවක් ගත වීමට පෙර දෙදෙනාටයි හොඳටම නින්ද ගොස් තිබිණි. මෘත දේහය නිවෙසේ තැන්පත් කොට සැරසිලි කටයුතු කොට රියැදුරා වාහනය රැගෙන පැමිණන විට අඩ හෝරාවකට වඩා කාලයක් ගත වී තිබිණි. ඒ වනවිටත් තරුණයන් දෙදෙනා තද නින්දේ පසු වුහ. මේ බව නොදත් රියදුරා වාහනය පදවාගෙන යන අතර තුරේ පාර් තිබූ වසූක වැටීමකින් වාහනය ගැස්සී පැද්දිනි. මෙම ගැස්සීම් නිසා නින් ඇහැරුණු දෙදෙනාට වාහනය ධාවනය වන බව හැඟිණි.
''හෝව්....හෝව්. ඔහොම නවත්වනවා”.
එකවර නැඟී සිටි තරුණයන් දෙදෙනා කෑගසන්නට වුහ. බියට පත්වු රියදුරා පසු පස බලද්දී භූතයන් දෙදෙනෙකු සේ දෙදෙනෙකු කෑ ගසන බව දැකීම නිසා තවත් බියට පත්ව වාහනය තවත් වේගයෙන් පදවන්නට විය.
''අයියෝ අයියෝ මල ගෙදර දෙන්නෙක්. බය වෙන්නේ නැතිව බස්සල යන්නැයි'' කී විට රියැදුරාගේ බිය ටිකක් පහ වී ගොස් වාහනය පාන්තරේ අයිනේ නතර කළේය.
" තමුසෙල මාර බඩු දෙකක්. මම හොඳට බය වුණා. ඔහු මිනී ගෙන යන හර්ස් එක් මේ වගේ දෙයක් වුණාම අපි බය වෙන එක අහන්න දෙයක්ද? වහාම වාහනයෙන් බැහැ ගන්නවා”
රියැදුරා හිතේ තිබු බිය පහව යැමට වීරයකු මෙන් කෑ ගැසුවේය. මේ භූතයන් දෙදෙනකුට බිය විම නිසා සිදුවීමට ගිය අනතුරක් වලක්වා ගැනීමට හැකිවුයේ පුරුවේ කළ පිනකින් යැයි රියදුරා කල්පනා කරන්නට විය.
Comments
Post a Comment