දීපනතා කුලී වැඩ කීරීමේන් ජීවිතය ගැටගසා ගත් ඔහු මත් ලෝලියෙකි. පසුගියදා හබරණ පැත්තේ නියඟයට හසුව දිය සිඳීගිය ගැඹුරු ළිදක් හමට ගිය ඔහු ළිඳට බැසීමට පෙර හීන් අඩියක් ගැසීමට අවශ්‍ය බව කී නිසා ගෙහිමියා මත්වතුර බෝතලයක් ඔහු අත තැබීය. වට පිට බැලූ ඔහු උදව්වට පැමිණි සිටි අයටත් බෝතලය ඉනේ සඟවාගෙන ළිඳට බැස්සස් වැඩ කරද්දී තනිවම නිදහසේ එය පානය කිරීමටය. ඔහු ළිඳ පස් හරන අතරතුර ළිඳ වටා සිටි අය පස් ඉවත් කළහ.
මොහාතකට පසු ඔහු ළිඳ තුළ තනිවම කතා කරමින් විකාර කළේ මත් වතුරේ සැරගතිය නිසාය. ළිද මත වට පිටාවේ වුවන් මේ පිළිබඳව විති එ කළෙන් ඔහුට යකා වැහි ඔවුනට ඉතා අසභ්‍ය වචන වලින් බැණ වැදීම නිසා ඔහු ලනු අත්හැර දමා යන්නට ගියහ. දිවා ආහාර රැගෙන එතනට ආ ගෙහිමියාට තරු පෙනුනේ ඔහු හුදකලාවම ළිඳ තුළ දිගාවී සිටි හෙයිනි. කරුණු තේරුම්ගත් ගෙහිමියා වට පිටාවේ කීප දෙනකු කඤාවාගෙන විත් අමාරුයවන් ඔහු ගොඩට ගත්විට හිස් මත් වතුර බෝතලය ඔහු තදින් අල්ලාගෙන සිටිනු දක්නට ලැබුනාලු.
Comments
Post a Comment