gossiplanka image 1
 


අම්බලන්ගොඩ නගර සීමා බල ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම් පවුල්වලට ඉන්න හිටින්න තැනක් ඉදිකරදීමට අම්බලන්ගොඩ නගර සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති කමල් වැල්ලගේ මහතා පියවර ගෙන ඇත.  සිය පෞද්ගලික ධනය යොදා ඔහු යම් සද් කාර්යයයේ යෙදීම විශේෂයෙන්ම කැපී පෙනේ. මේ වන විට වැල්ලගේ මහතා ඉන්න හිටින්න තැනක් නැති අහිංසක පවුල් විස්සක් වෙනුවෙන් සමෙසේ නිවාස ඉදිකරදී තිබේ.රජයේ කොන්ත්‍රාත් කරුවකුවන වැල්ලගේ මහතා තමාට ලැබෙන කොන්ත්‍රාත්වලින් ලැබෙන ලාභය උපයෝගී කොට ගෙන මේ සල්කාර්යය සඳහා මුදල් යොදවනු ලැබේ.


ඔහු මේ මෑතකදී සැමියා අතහැර ගිය මවකට නව නිවසක් ඉදිකර දුන්නේය. එම දරු පවුලට වැල්ලගේ මහතා ඉදිකර දුන් නිවාසයේ වාසය කිරීමට පෙර ජීවත්ව සිටියේ කිසිදු ආරක්‍ෂාවක් නොමැතිව සකසා තිබු ටකරන් මඬුවකය.  මේ දරු පවුල වෙනුවෙන් ඔහු මේ ඉදිකර දුන්නේ තමන් විසින් ඉදිකර දුන් විසි වැනි නිවාසයයි. මීට පෙර සමවැනි පවුල් දහනවයක් සඳහාම වැල්ලගේ මහතා මෙසේ නිවාස ඉදිකරදී තිබේ.