gossiplanka image 1
 


මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු උත්සව කීපයක්ම බිංගිරිය මහජ​න ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ජන ක්‍රීඩාවලට මුල්තැනක් හිමිවන මෙම  අවුරුදු උත්සවයට කලාකරුවන් රැසක්ද සහභාගි වී සිටියහ. මෙහි පැවති තරග අතර ග්‍රීස් ගස් නැගීම් කාටත් වෙනසක් දැනුන තරගයක් විය. සාමාන්‍යයෙන් ග්‍රීස් ගසේ නැගීමේ තරගයේදී ග්‍රීස් ගස මුදුන් රඳවා තිබෙන කොඩිය ගලවාගෙන බිමට බැසීම සිදුකරන තැනැත්තා ජයග්‍රාහකයා බවට පත්වෙයි.


එහෙත් පසුගියදා බිංගිරියේ පැවති අවුරුදු උත්සවයේදී දක්නට ලැබුණේ කොඩිය අරන් බැසීමට නොව කොඩිය රැගෙන ගස මුදුනට ගොස් ගස මුදුනට ගොස් රැඳවීමය. මෙවැනි වෙනසක් සිදුවුයේ ග්‍රීස් ගස් මුදුනේ රඳවා තිබුණ කොඩිය සුළඟට ගැලව් බිමට වැටීම හේතුවෙනි. ග්‍රීස් ගසේ සම්පුර්ණයෙන්ම ග්‍රීස් තවරා තිබෙන හෙයින් කොඩිය රැඳිවීමට සංවිධායක මණ්ඩලයේ අපයෙකුට එයට නැඟීම අසිරු කාර්යයකි. එනිසා තරගය ආරම්භ කිරිමට ප්‍රථම තරග කරුවන් වෙත දැනුම්වත් කිරීමක් සිදුකිරීමට සංව්ධායක මණ්ඩලයට සිදුවිය.මෙදින පැවති අනෙකුත් ක්‍රීඩා තරග අතර ග්‍රීස් ගසට නැගීමේ  තරගය කාගේත් සිත්ගත් එකක් විය.