ගහෙන් වැටුන මිනිහට ලිහිසි තෙල් සාත්තුවක් කළ පුවතක් මාතලේ ගම්මානයකින් වාර්තා වෙයි. එම තෙල් සාත්තුවෙන් රෝගියා සුවපත්වූ බවද අසන්නට ලැබුණි. පුරුදු පරිදි පොල් කැඩීම සඳහා පිටත් වූ සිමියොන් එදිනට පොරොන්දුටී තිබුණ පොල් වන්නේ පොල් කැඩීම පටන් ගත්තේය. ගෙහිමියා බැහැරක ගොස් සිටි නිසා නිවසේ සිටියේ ගෙහිමි කාන්තාව පමණි. පොල් ගෙඩි බිමට වැටෙන හඬට වඩා වැඩි හඬකින් යමක් වැටුන හඬ ඇසුන ඇය වහ වහා ගෙවත්තට දිව ගියාය. පොල් ගහක් මුළ ඇද වැටී කොන්ද අල්ලාගෙන කෑගහන සිමියොන් දුටු ඇය මහත් බියට පත්වූවාය.
ඔහොම හිටින් මං තෙල්ටිකක් අරන් එන්නම්” යැයි පැවසූ ඇය ගෙදරට දුව ගොස් තෙල් බෝතලයක් ගෙනවිත් සිමියොන් කොන්දේ ගැමටත් ටිකක් තදින් ඇතිල්ලීමටත් උපදෙස් දුන්නාය. දෙවියන්ගේ පිහිටෙන් ටිනාඩි කීපයකින් සැමියාත් නැගිට්ටේය.
" ටිකක් හොඳයි නෝනා. සනීපයි. ඉතිරි පොල්ටික හෙට කඩමු.'' යයි පැවසූ සිමියොන් ආපසු ගියේය.
එදින රාත්‍රියේ ආහාර ගැනීමෙන් පසු ගෙහිමියා බිරිඳ අමතා තමාගේ කකුල් වාත අමාරුවට ගාන තෙල් බෝතළය ගෙන එන්නැයි පැවසීය. සිමියොන්ට දුන් වාත තෙල් බෝතලය ඇය ස්වාමියා අත තැබුවාය.
'' යෝධියේ මෙක මගේ මෝටර් බයිසිකළයට දාන ඔයිල් බෝතලේනේ මේක තියලා මගේ වාත තෙල් බෝතලේ අරන් එනවා " යැයි සැමියා ගෝරනාඩු කළේය.
දෙයියෝ සාක්කි මං සිමියොන්ට දීලා තියෙන්නේ ඔයිල්ද ඇය අන්දුන් කුන්දුන් වූවාය. ඇය රහස රහසක් ලෙස තබා ගත්තාය. නියම වාත තෙල් බෝතලය ඇය ස්වාමියාට ගෙනවිත් දුන්නාය. පසුදින ගෙහිමියා ගමනක් යෑමට සූදානම්ව යතුරු පැදියට ලිහිසි තෙල් දැමීම සඳහා රාක්කයේ තිබුණ බෝතලය අතට ගත්තාය. ඔහුට එහි අඩුවක් ඇති බව දැනී බිරිඳගෙන් ටිචිසුවාය. මේ අතර සිමියොන්දා පොල් කැඩීම සඳහා පැමිණ ටියේ සිදු වූ ඇබැද්දිය ගැන ගෙහිමියාට පවසා ඔය මහත්තයා අපත් තියන බෝතලෙන් තමයි නෝනා මීට ඊයේ කොන්දො ගාගන්න තෙල් දුන්නේ අපරාදෙ කියන්න බෑ මහත්යො කොන්ද අමාරුව කොහෙන් ගියාද නෑ.
" යකෝ මේක වාත තෙල් නොවේ ඔයිල් මේ යෝධි උඹට ගාගන්න දිල තියෙන්නේ මේකෙන්"
මේ දෙබස අසා සිටි අය හෙමිහිට ගෙට රිංගා ගත්තත් සිමියොන් ගළ පුරා කාරණය වපුරා තිබුණි.
Comments
Post a Comment