ඉන්න හිටින්න නිවසක් නැති අන්ත අසරණ දුප්පන් ජනතාවට නමන්ගේ පෞද්ගලික ධනය වැයකොට නිවෙස් තනා දෙහ ඔහු ප්‍රකට සමාජ සේවක එච්.ඒ.ද එස් සිරිවර්ධන ද සොයිසා මහාතාය. සිරිවර්ධන මහතා සිය ජීවිතය ජයගත්තේ අමාරුවෙනි. බොහෝ කම්කටොළු මධ්‍යයේය. එසේ ජීවිතය ජයගත් ඔහු අද අම්බලගොඩ ප්‍රකට ලීබඩු සමාගමක හිමිකරුවෙකි. පත්මා ලී බඩු මාලිගය ඔහුගේය. සිරිවර්ධන මහතා සිය ජීවිතය ජයගත් පසු ප්‍රදේශයේ දුප්පතුන් ගැන සිතුවේය.
ඒ අනුව නිවාස නොමැති ඇයට සිය පෞද්ගලික මුදල් ලක්‍ෂ ගණනින් වැයකොට නිවාස තනා දුන්ය. එලෙස ඒ මහතා මේ වන විට තනාදී ඇති නිවාස සංඛ්‍යාව අටකි. සිරිවර්ධන මහතා වේ මෑතකදී සිය ධනය වැයකොට ඉන්න හිටින්න තැනක් ලබා දුන්නේ කලාකරුවෙකුටය. ඒ වෙහෙර විහාරවල චිත්‍ර බිතුසිතුවම්වලින් හා චෙත්‍ය නිර්මාණ කරණයේ යෙදෙන අම්බලන්ගොඩ මාදම්පගම කුමාරවඩු ජගත් ප්‍රියන්ත කලාකරුවාටය.
නිවසක් නොමැතිව ඔහු සිය බිරිද හා දරුවන් සමඟ ගෙවු දිවිය කර්කශ විය. මෙය දුටු සිරිවර්ධන මහතා ජගත් ප්‍රියන්ත කලාකරුවාට ඉන්න හිටින්න තැනක් සිය වියදමෙන් ලබා දුන්නේය. ඒ සඳහා ඒ මහතාට වැයවූ මුදල රුපියල් ලක්ෂ පහළොවකි. දුප්පතුන්ගේ දුක දැක ඔවුනට නිවාස තනාදෙන සමාජ සේවක සිරිවර්ධන වැනි මහත්වරුන් මුළු අම්බලන්ිගාඩර්ම වනා අනගි වස්තුවක් වන්නේය. ඔහු වැනි සත් පුරුෂයින් තව තවත් බිහිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.
Comments
Post a Comment