"...සහනාධාර බෙදිල්ල එපාවෙන්නේ සමහර අවතැන් කඳවුරුවල ඉන්න බොරු චන්ඩින්ගේ අමන කතා ඇහෙනකොට තමයි..."
...පිස්සුද?...එහෙම කියන්න එපා... ඇත්තටම අවතැන් වෙච්ච අය කවදාවත් එහෙම හැසිරෙන්නේ නැද්ද... ඒ විදියට හැසිරෙන උදවිය වැඩි දෙනෙක් බොරු අවතැන් බවක් මවා ගන අවතැන් කඳවුරුවලට එන සහනාධාර බෙදා හරින නියෝජිතයෝ වෙලා දේශපාලනඥයන්ගෙනුත් ලකුණු දාගන්න මාන බලන තක්කඩි තමයි එහෙම පාට් දාන්නේ...''
පන්සලේ නේවාසිකව සිට අසළ පිහිටි පාසළට යමින් පන්සලේ අත් උදව්වට සිටිනා වයස දහ තුනක පමණ වූ කරුණාජීව කොළු ගැටයා ඒ සවන්දෙමින් සිටින්නේ පන්සල් වත්තට ඇතුළු කිරීමට පෙරාතුව පන්සළේ වාහල්කඩට පිටතින් නතර කළ ලොරි රථයේ රියැදුරු සහ ගෝළයාගේ කතා බහටය.
"....ගමු.. ගමු... ලොරිය ඇතුළටම ගනිමු මෙහෙන් ලැබෙන සහනාධාර ටිකත් පටව ගන්න..."
ගංවතුර සහනාධාර පුරවාගත් දැවැන්ත ලොරිය පන්සලේ වාහල්කඩට මෙහායින් ඇති බෝක්කුවෙන් ඒය තර වන්නේ බොහොම ප්‍රවේසමින්ය. ලොරියේ ඇති බඩු මුට්ටු වල බරට වැරදිලාවත් කොන්ක්‍රීට් මුල්ලක් එහෙ මෙහෙ වුනොත් සිදුවන්නේ වස නස්පැත්තියක් බව දන්නා නිසාදෝ ලොරි රියැදුරාගේ කකුළ ඇක්සලේටර පැඩලය මත වෙව්ලන්නාක් බඳු නොවේදැ යි කරුණාජීවට සිතුණි.
කරුණාජීව මේ පන්සලේ නේවාසික වීමට ආවේ මීට වසරකට පමණ ඉහතදී ය. එය අනතුරකින් කකුලක් කපා දැමූ කරුණාජීවගේ තාත්තා එම තුවාළයට විෂධීජයක් ඇතුළු වීමෙන් මිය පරලොව ගොස් වැඩි කාළයක් යන්නට මත්තෙන් කරුණාජීවට ගමේ පාසලෙන් අස්වී මෙම විහාරස්ථානය අසළ පාසලකට ඇතුළු වීමට මග පැදුනේ කරුණාජීවගේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට පින් සිදුවන්නට ය. මේකාගේ තාත්තා වාහනේකට යට වෙලා කකුලක් කපළා ඒ තුවාලෙට විෂ බීජයක් ගිහින් ආකාළේ මලා .... මේ කොල්ලගේ අම්මා හරි දායිරියවන්ත ගෑනි.... තමුන්ගේ මිනිහා මලාය කියළා දහිරිය අතහැරියේ නැහැ. පොඩි එවුන්ට ඉගැන්නුවා විතරක් නෙමෙයි නොකඩවා දහම් පාසළටත් එව්වා....
'....ඉතින් පොඩිනම වෙන්න ඕනෑ මේකයි..... අප්පොච්චි මිය පරළොව ගියපු මේ කොළුවාගෙ අනාගතේට අත දෙන්න පුළුවන් විදියේ දෙයකට අපි මේ දරුවා යොමු කරනාතුරු මෙහේ ඉඳන් ඉස්කෝලෙ යන එන ගමන් කෑම බීම ටිකකුත් දීලා..... පන්සල් වැඩ පළකුත් කරවාගෙන ගෙදරට බරක් නොවී ඉන්න දෙන එකයි මූලිකව කෙරෙන්න ඕනෑ....'
ගමේ පන්සලේ නායක හාමුදුරුවන් මේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට කරුණාජීව හඳුන්වා දුන්නේ එහෙමය.
'...අනික පොඩිනම..... දුප්පත් පවුළක ගමේ දරුවෙක්නේ ඒ ......
නිසා අඩුපාඩු පැමිණේවි. ඒවා අපිම ඉවසීමෙන් පෙන්වා දීලා සමාජයට අවැඩක් නොකරන මහ එකෙක් බවට මේ පොඩි එකා ලොකු මහත්
කරන එකයි පන්සල හැටියට අපේ වගකීම....
අවුරුද්දකට නොවැඩි වූ ඒ අතීතය කරුණාජීවට තවමත් හොඳින් මතකය. ඔහුට ඒ අතීතය හදිසියේ මේ මොහොතේ සිතට නැගුනේ එම ගංවතුර සහනාධාර බෙදීමට බඩු භාණ්ඩ රැගෙන ආ සූර්ය තම ගම්පළාතේ වන නිසාය. අමාරුවෙන් හරවාගත් සූරිය විහාරස්ථානයේ මිදුලු අයිනේ නතර වූයේ ආපසු පිටත් වීමේදී හරවා ගැනීමේ පහසුව ගැනද කල්පනාකොට විය යුතු ය. මිදුල අමදිමින් සිටි ඉදල ද රැගෙන සූරිය අසළට ළං වූ කරුණාජීව ළොරියේ රියැදුරු දෙස යටහත් සිනාවකින් බලා සිටින්නේ එම ලොරිය තම ගම් පළාතේ නිසාවෙන් ඇති වූ අපේ කමටය.
ගමෙන් ඈත් වූ විට ගම් පළාත් නම සඳහන් බස් රථයක බෝඩ් ළැල්ලක් හෝ තමාගේ ගමේ නම සඳහන් ලොරි රථයක් වෑන් රථයක් දකිනාවිට සිතට දැනෙනා ලෙන්ගතු හැඟීම ගැන දන්නේ එම අත්දැකීම මැනවින් විඳ ඇති කෙනෙකුට පමණකැයි කරුණාජීවට සිතුණි. සහනාධාර බඩු පුරවා ගත් ලොරි රථය අසළට ළංවූ කරුණාජීව එහි රියදුරු කුටිය අසළට ගොස් '...අයියේ. යැයි එහි රියැදුරු ඇමතුයේ කුළුපග ස්වරයෙනි.
''....ඩ්‍රයිවර් මාමේ... උදෙන්ම දා ගමෙන් ආවේ..." යැයි නැගුණු කරුණාජීවගේ කට හඬ ලොරි රියැදුරා හට ඇහුනේ නැත.
ලොරි රියැදුරා සිය දුරකථනය සවනත රදවාගෙන සිටින බැවින් එම ඇමතුම නිමාවීම සඳහා විනාඩි විස්සකට ආසන්න කාළයක් බලා සිටීමට කරුණාජීවට සිදුවිය. ඔහු නැවතත් ලොරි රියැදුරා වෙත මුව පුරා සිනාවක් පාන්නේ එම ලොරිය තමාගේ යමින් පැමිණි සූර්යක් ක්වීම තමාට සේම එම රියැදුරා හටත් සතුට දනවන කාරණයක් වේය. යන ළමා සිතිවිල්ලෙහි පිහිටා ය.
'......මොකෝ මල්ලී දත් තිස්දෙකට එළියෙ දාගෙන හිනාවක් දෙන්නේ...... මල්ලි මේ පන්සලේ ගෝළයද....
"...නැ මාමේ මම මෙහේ ඉඳන් ඉස්කෝලෙ යනවා.....මමත් මේ සූරිය අයිති කෙනෙමයි... මාමලා උදෙන්ම ද මෙහේ එන්න ගමෙන් පිටත්
වුනේ....." ලොරි රියැදුරාට එම සමහර වචන හරිහැටි ඇහුණේද
නැහැ.
'...මොන ගමේ ළොරියක් ගැනද මල්ලි කියන්නේ..... මම නම් මේ දුවන්නේ සතියක ටෙම්පරියක් මල්ලි......ලොරිය ගැන තොරතුරු නම් තව ටිකකින් මෙහාට එන වෑන් එකේ ඩ්‍රැයිවගෙන් දැන ගතෑකි...ආ...
ඔය ඒ වෑන් එක ඇතුළට එන්නේ කියලා කට ගන්න කොටම ...."
කරුණාජීව ලොරී රථ රියැදුරා වෙතින් දෑස ඉවත් කර ගන්නා සැනින්ම විහාරස්ථානයේ වාහල්කඩ තුළින් ඇතුළට පිවිසෙන්නේ හයිරෆ් වර්ගයේ වෑන් රථයකි. එබඳු මාදිලියේ වෑන් රථ මඟ මගදී හමුවන විට පොඩි කාලයේ සිටම කරුණාජීව පමණක් නොව කරුග්ධජීවගේ අම්මාද වහා අහක බලාගන්නේ හද කකියවන සුළු වේදනාවකිනි. ඒ මීට වසර දෙකකට පමණ ඉහතදී තම පියාගේ කකුළ උඩින් ධාවනය වී පළමුව තමාගේ තාත්තා අංග විකළයකු බවට පත්කොට දෙවනුව තම පියා මිය පරලොව යැවීමට දායක වූ හදිසි අනතුර සිදුකළ වෑන් රථය මෙම වර්ගයේ එකක් නිසා ය.
ඊයම් පැහැයෙන් යුතු එම හයිෆ් වන් රථයේ අංක තහඩු නොම්මරය කරුණාජීවට කට පාඩර්ෂ ය. කරුණාජීවගේ ළය කීරි ගැසී ගියේය. පුදුමයකි. යම් තමා සේවය කරනා විහාරස්ථානයට පැමිණ තිබෙන්නේ තම පියාගේ සිරුර මතින් ධාවනය වී ඔහුට පාදයක් අහිමි කළ එම වාහනයම නොවේද?
සෙමින් සෙමින් එම වැන් රිය අසළට ළංවූ කරුණාජිව එහි රියැදුරු දෙස බැලුවේ ය. එම රියැදුරු අසුනෙහි අද සිටින්නේ එදා තම තාත්තා අනතුරට පත්කළ දිනයේ එම වාහනය පැදවූ තට්ට හිසක් සහිත මහත උඩු රැවුල් කාරයා නොවේ. සුදු අත්කොට කමිසයක් හැඳගත් කොණ්ඩයද සුදු පැහැ ගැන්වුනු වයසක පහේ රියැදුරෙකි.
"නැහැ ළමයා...මේ වාහනේ අයිති අහවල් රජමහවිහාරේ නායක හාමුදුරුවන්ට...ඒ හාමුදුරුවෝ තමයි මේ ගංවතුර සහනාධාර වැඩ සටහන සංවිධානය කරන්නේ... ඉතින් මේ ළමයා කොහොමද මේ වාහනේ කළින් වැඩකළ රියැදුරු ගැන දන්නේ...
එම පැනයට කරුණාජීවගෙන් පිළිතුරක් නැත. ඔහු තම පියාට වක්‍රාකාරව මරු කැඳ වූ එම වැන් රිය දෙස ඔහු ශෝකය පිරි මුවින් බලා සිටියේ ය.
එහි ඇති තියුනු කවිට රටා සහිත ටයර යුගළය දෙස තවත් වරක් පහත් වී එබී බැලූ කරුණාජීවට තම පියාගේ සිරුර මතින් එම වන් රථයේ ටයර පොළා පැන්නී ගමන් ගත් අයුරු එසැනින් සිතෙහි චිත්‍රණය වූයේ ය.
"...ඔවා ඔහොම තමයි දරුවා.....කර්මය පඩිසන් දෙන විධිය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධයි නේ... හාමුදුරුවෝ ඔය ළමයට ඕවා ක්‍රම ක්‍රමයෙන් පහදලා දේවි... එහෙම පැහැදුනාම ඔය ළමයාට තාත්තාව සිහි කරගෙන මෙහේ ඉඳන් මහන දම් පුරන්නත් හිතදේවි ......
කරුණාජීව ශෝකයන් කුතුහළයන් රැඳී මුවගින් එම වෑන් රථයේ රියැදුරු දෙස බලා සිටියේ ය.
Comments
Post a Comment