හොර හරක් මස් කන්න ගිහින් රෝහල් ගත වූ පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මොවුන් අයියා මලෝය. අයියා විවාහකය. මල්ලි තනිකඩය. දිනක් හොරෙන් මැරු ගවයකුගේ සේ ටිකක් අයියාට ලැබුණු අතර, එය පිසින අවස්ථාවේ මල්ලිට අරක්කු ගේන්න යැයි පවසා ඇත්තේ හරක් සේ කටගැස්ම සමග සාදයක් දමන්නටය. මල්ලි අරක්කු ගෙන ඒමට ගිය අතර අයියා හරක් මස් පිසීමට පටන් ගෙන ඇත. අරක්කු ගේන්න ගිය මල්ලි මගදී පොඩක් සප්පායම් වී ගෙවල් අහල පහළ බල්ලෙකු ද කැඳවාගෙන ඇත්තේ මස් කටු ටික ඌට දීමටය.
ඒ බල්ලාගේ නම "සාජන්ය" වන අතරදී නිවස ළගට පැමිණ "සාජන්” වන්න අද ඔයාට හොඳ දෙයක් තියෙනවා. අම්මා........ ඔය සුවඳ වන්නේ යැයි පවසා ඇත. මෙය ඇසුණු නිවසේ සිටි අයියා හොර හරක් මස් පත්තු වී පොලිසියෙන් වන බව සිතා හරක් මස් හට්ටිය විසි කිරීමට කලබලයෙන් තැනක් කල්පනා කර ඇත. සුදුසුම තැන කඩිනමින් වැසිකිළියට දමා වතුර ගැසීම බව කල්පනා කළ ඔහු "ගොජ ගොජ ' ගාන හොදි හැළිය ගෙන වැසිකිළියට විසි කළේ ඇතුළත නොබලාමය. වැසිකිළියේ සිටි නිදගේ ඇඟ පුරා හොදි විසිරණ අතර, ඇය පිළිස්සී ගොස් ඇත. කෑගැසිල්ල ඇසුණු මල්ලී පැමිණ අයියාට කාරණය තේරුම් කරන අතරේ මල්ලීට බැන වැදුණු අයියා බිරිය රෝහල් ගත කළාලු.
Comments
Post a Comment