gossiplanka image 1
  



 

තරුණ යුවළක් පලතුරු වෙළෙඳසලකට ගොඩවැදුණේ ඉදුණු කෙසෙල් ඇවරියක් මිලදී ගන්නටය.


"මුදලාලි..... කෝලිකුට්ටු කෙසෙල්ගෙඩි කීය ද?" "කිලෝ එකක් දෙසිය හතළිහයි...”


''සීනි කෙසෙල් කීයද....”


මහත්මයා සීනි කෙසෙල් කිලෝවක් රුපියල් අනුවයි.


මහත්තයා සවා තෙත් ගහලා ඉදවපු ඒවා නොවෙයි. අපි ඔය ජරාව දාලා මනුස්සයින්ට කන්න දෙන්නෙ නෑ....


‘ගණන් වැඩියි මුදලාලි...”  ඒ සමගම කෙසෙල්කැන් පටවාගත් ත්‍රීවිලරයක් එහි පැමිණියේය. ආ... මුදලාලි.... කෙසෙල් ටික බාමු නේද...." කෙසෙල් පැටවු ත්‍රීවීලරය පැද වූ අය විමසීය.


''කෙසෙල්කැන් කීයක් තියනවද?"


මුදලාලි ප්‍රශ්න කළේය.


"කෙසෙල්කැන් හතයි තියෙන්නේ”


''මම කියලා තියනවනෙ උදේම කැන් ගේන්න කියලා. එතකොට මට උදේම බේත් ටික දාලා තියන්න පුළුවන්. පහුවදා විකුණන්න පුළුවනි”

තරුණ යුවළ විමතියෙන් බලා සිටි අතර, තරුණයා තම හඬ අවදි කළේය. 


'' මුදලාලි කෙසෙල්වලට එත් දමන්නේ නැහැ කීව නේ?'' නෑ.... නෑ... මහත්තයෝ..... මුදලාලි ගොත ගැසීය. තරුණ යුවළ සිනාසෙමින් පිටව ගියහ.