gossiplanka image 1
 පසුගිය දිනෙක බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට ජංගම දුරකතනයකින් ඇමතුමක් ලැබුණි. ඔහු එයට ප්‍රතිචාර දක්වමින් කතා කළේය. එම දුරකතන ඇමතුම ලැබී තිබුණේ අනුරාධපුරය ප්‍රදේශයෙනි. දුරකතන ඇමතුම් ලබා දුන් ග්‍රාහකයාට අවශ්‍ය වී තිබුණේ වෙනත් ප්‍රදේශයක පදිංචිකරුවකු අමතා කතා කිරීමට වුවත් දුරකතන අංකය වැරදීම හේතුවෙන් බිංගිරියේ ග්‍රහකයකු සම්බන්ද කරගෙන තිබුණි. බිංගිරියෙන් කථා කළ ග්‍රාහිකයාගේ කටහඬ කාන්තාවකගේ කටහඬට බොහෝ සමාන හෙයින් අනුරාධපුරයෙන් කතා කළ ග්‍රාහකයාට මිතුදමක් ගොඩ නගා ගැනීමට සිතක් පහළ වී දිනපතාම කෙලවරක් නොමැතිව ඇමතුම් දීමට පටන් ගත්තේය.


කීප අවස්ථාවකදීම බිංගිරියේ ග්‍රාහකයා කතිකාවක් ලෙස සිතාගෙන අනුරාධ පුරයෙන් කතාකළ පුද්ගලයා පෞද්ගලික තොරතුරුද විමසුවේය.

එකක් එකටම අනුරාධපුරයෙන් කතා කළ තැනැත්තා තමාගේ ආදරය පතාගෙන ආදර සම්බන්ධයක් ගොඩන ගා ගැනීමට උත්සහ දරන බව වැටහුන හෙයින් ඒ ගැන ඔහු නිවසේ අයටත් අසල් වැසියන්ටත් ඒ ගැන සම්පූර්ණ කතාව සැකවින් පැහැදිලි කර දුන්නේය. නිවසේ අයත් අසල්වැසි පදිංචිකරුවනුත් ඒ සම්බන්ධය වහාම නතර කර දමන ලෙස ඔහුට උපදෙස් දුන්නේ, අනේ මෙහෙමත් පිස්සු මිනිස්සු යැයි කියමිනි. පසුගිය දිනවල මහත් කරදරයක් බවට පත්ව තිබුණ මේ දුරකතන සම්බන්ධතාවය නතර කර ඇතත් කෙළවරක් නැතිව දිනපතා මිස්කෝල් ලැබෙන බව වාර්තා වේ.