සිය ගම්මානයේ දී කුඩා දරු දැරියන් වෙනුවෙන් අඛණ්ඩව වසර දහයක්ම නොමිලයේ පෙර පාසලක් පවත්වාගෙන යාමට බලපිටිය රන්දොඹේ සමන් රේණුක ද සිල්වා මහතා කටයුතු කර තිබේ. තමා උපන් ගම්මානය වන රන්දොඹේ ප්‍රදේශයේ ඔහු පවත්වානෙ යනු ලබන මේ පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම් දරුවන් වෙනුවෙන් තමාගේම ඉඩමේ අංගසම්පුර්ණ පෙර පාසල් ගොඩනැගිල්ලක්ද ඉදිකර දී ඇත. එම පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිරිපිට කුඩා දරුවන්ට ආරක්‍ෂා සහිතව ක්‍රීඩා කිරීමට අංග සම්පුර්ණ ළමා උයනක් ද ඉදිකර දී තිබේ.
මේ පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම් දරු දැරියන්ට නිල ඇඳුම් ද වසර පුරාවට ඉගෙනුමට අවශ්‍ය සියලුම් පොත්පත් පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ ද ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්නේ නොමිලයේය. ඒ විතරක්ම නොව මේ පෙර පාසලේ ඉගැන්වීමට පුහුණුවලත් පෙර පාසල් ඩිප්ලෝමාවක් ඇති පාලිකාවන් යොදවා ඇති අතර ඔවුන්ට වැටුප් ගෙවන්නේද සමන් මහතා නම් පෞද්ගලික මුදලිනි. වසර දහයක් පුරාවට අඛණ්ඩව ඔහු විසින් කිසිඳු අඩුපාඩුවක් නොමැතිව මේ පෙර පාසල පවත්වාගෙන යනුයේ මුළු රන්දොඹේ ගම් වාසීන්ගේ ආශිරිවාදය සහ ආදරය ද නොඅඩුව ලබා ගනිමිනි. සමන් මහතාට මේ පෙර පාසල පවත්වාගෙන යාමට ඔහුගේ භාවියාව වන ස්විට්සර්ලන්ත ජාතික ස්මිත් ද සිල්වා මහත්මියගෙන් ලැබෙනුයේ නා අඩු සහ යෝගයකි. එම නිසාම සමන් මහතා නොමිලයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල සිය භාර්යාවගේ නමින් නම්කොට ඇත.
Comments
Post a Comment