gossiplanka image 1
 පවුලේ දුක් කරදර නැති කර ගැනීමට ගම්වැසියකු දේවාලයකට ගියේ සාත්තරයක් අසා දැන ගැනීමටය. දේවාලයේදී ඔහුට කියැවුණේ පවුලේ අයට කොඩි විනයක් යම් කිසිවකු විසින් කර ඇති නිසා දියුණුවක් නැති බවත් එය ආපසු කපුවහොත් දුක් කරදර නිමාවී ශාන්තියක් උදාවන බවත්ය.


කපුවා එයට දිනයක් සලාවක් ද දුන් අතර නියමිත දිනයේ තොවිලය ද සූදානම් කෙරුණි. තොවිලය අවසන කපුවා කුකුළකු ගෙන වැසු කාමරයක ගුරුකමක් කරන  බවත් කුකුළා දින දෙකකින් මියගියහොත් ගුරුකම් හරියටම හරියන බවත් කපුවා පැවැසීය.


ගුරුකම් නියම කරගත් පරිදි සිදු කෙරුණ අතර කුකුළාට හොඳින් කෑම දෙන්නයි ද  කුකුළා දින දෙකකින් මියැදෙතැයි ද කියු කපුවා ගුරු පඬුරු ද රැගෙන යන්නට ගියේය.  දින දෙකකින් කුකුළා මළේය.


ගෙහිමියා කුකුළු මළ සිරුර වළ දමන්නට සැරසද්දී තරුණයින් දෙදෙනෙක් කුකුළා හම ගැසුහ.  හම ගැසු කුකුළා පිරීක්සන විට ඔවුන් දුටුවේ උගේ අධෝමාර්ගය නයිසන් නුලකින් මසා දමා ඇති බවය.  කුකුළා මියගොස් ඇත්තේ ඒ හේතුව නිසා බව දැනගත් පවුලේ ඥාතීහු කපුවා සොයා ගියහ. ඔවුන් කපුවා සොයා යන විට එම කපුවා අතුරුදන්ව සිටි අතර එම් පවුසල් නව දියුණුවක් මේ දක්වාම සිදු වී නැතැයි කියති.