මරදගහමුල ප්‍රදේශනයේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයෙක් කොළඹ ලේක්හවුස් වටරවුම හරහා සිය මෝටර් රථයෙන් ගම්නක යෙදී සිටියේය.
ඔහු සමඟ බිරිය හා කුඩා දරු දෙදෙනාද මෝටර් රථයේ සිටී. කොළඹ ලේක්හවුස් වටරවුමේදී මෝටර් රථ ක්‍රියා විරහිත විය. එවිට ඔහුගේ මෝටර් රථය පිටුපසින් වාහනය පදවාගෙන පැමිණි මහත්මයකු වාහනයෙන් බැස විත් ''මොකද වුණේ'' වාහනය අයින් කරමු"
කියා වාහනය අයින් කරවා ඔහුගේ වාහනයේ බැටරිය මගින් මෙම වාහනය පණ ගන්වා ද පිටත්ව ගොස් ඇත. ඒ සමග එතනට පැමිණි පොලිස් නිළධාරීන් දෙදෙනකු මෙම මොටර් රථය පිරික්ෂා බලා වහා ගරාජයකට ගෙන ගොස් ඇති අතර එහිදී එහි කාර්මික දෝෂය සකස් කරවා දී ඇත.
වෛද්‍යවරයා, බිරිය, දරු දෙදෙනාත් කොළඹ නගරය මැදද්දී වාහනය කැඩී අතරමං වද්දී මෙසේ පිහිට වී ඇත්තේ හමුදාවේ උසස් නිළධාරියකු සහ පොලිසියේ වැදගත් මහත්වරුන් දෙදෙනෙකි. මේ උතුම් සත්කාරයට දායකවු හමුදා නිලධාරී තැනටද පොලිසියේ නිලධාරීන්ටද තුති පිදෙන අතර ඔවුන් රාජකාරීයේ යෙදෙන හමුදා ඛණ්ඩය සහ පොලිසියට ද ජනතා ප්‍රණාමය කරයි.
Comments
Post a Comment