gossiplanka image 1
 

නිවසේ රූපවාහිනී යන්ත්‍රයට නිතර ආරවුල් ඇතිකර ගන්නා මවටත් පියාටත් අපූරු පාඩමක් කියා දුන් දරු දෙදෙනකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔවුහු අදාරයෙන් බැඳුණු අඹුසැමියන්ය. ජීවිතයේ බොහෝ අය ​එකිනෙකාට ගැළපුනත් රූපවාහිනී තිරය අසළදී. ඔවුහු එකිනෙකා පස මිතුරෝ වුහ. සැමියාට එදිනෙදා ප්‍රවෘත්ති බැලීමට අවශ්‍ය වුවත් බිරියට ඒ මොහොයත්ම වෙනත් නාලිකාවක විකාශය වන ඉන්දීය ටෙලිනාශය බැලීමට අවශ්‍ය වුවාය.


'' මම උදේ ඉඳල ඔෆිස් එකේ ඉදල ඇවිත් මේතන වාඩිවෙන්නේ රටේ මොනාද වෙන්නේ කියල දැනගන්න '' සැමියා කීවේය.


"මමත් උදේ ඉඳල ගෙදර වැඩ කරල මෙතන වාඩිවෙන්නෙ ටිකක් සතුටු වන්න. මොකද මට පිචර් එකක්වත් බලන්න තියෙනවයැ '' බිරිඳා  උත්තර බැන්දාය. වටෙන් පිටෙන් කරුවල වැටෙද්දී තම නිවසේ සාලයෙන් දිනපතා ඇස‍ෙන යම් වචන හුවමාරුව නිවසේ සිටි කටකාර කුඩා දරු දෙදෙනාට ද මහ කරව්චලයක් විය.  බැරිම තැන ඔවුහු මවගේත් පියාගේත් ගැටලුවට විසඳුමක් සදන්නට ඉදිරිපත් වූහ.


"අයියෝ ඔයාලා දෙන්න හැමදාම රණ්ඩු වෙනව. ඒ මදිවට ඔයාල දෙන්න අපි ගැන බලන්නත් නැහැ. ආපු වෙලාවෙ ඉදල ඔයාල ටී.වී. එක ළහ. " කටකාර බාණු දරුවා කියාගෙන ගියාය. වැඩිමල් කටකාර දියණියද ඊට අඩුම කුඩුම එක්කළාය.  පොඩි උන් දන්නාගේ දේශනයයෙන් පියවි ලොවට පැමිණි අම්මා ''ඇත්ත පුතේ මං ආසය ටී.වී. බලන්නෙ නැහැ" කීවාය.