මාතර සිට අකුරැස්ස බලා ධාවනය වෙමින් තිබු සෙනග පිරුණු ලංගම බස්රථයක් තුළදී නිවස බලා යමින් සිටි විශ්වවිද්‍යාල සිසුවියකට සරම උස්සා රහසග පෙන්නු 70 හැවරිදි සීයා කෙනෙකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි. සැකපිට අත්අඩංගුවට ගත් සමීම පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් 35000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. ඔහු සිව්දරු පියකු බවත් බස්රථවල ගමන් කරමින් කාන්තාවන්, තරුණියන් අපහසුතාවට පත් කිරීම කාලයක් තිස් කරගන යන බවට කොන්දොස්තරවරයාගෙන් ලබාගත් තොරතුරු මත අනාවරණය කරගෙන ඇත.
රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුවිය සිය යක්කලමුල්ල පිහිටි නිවස බලා යමින් සිටියදී මෙම අතවරයට ලක්ව ඇත. සැකකරු යම් මානසික රෝගියෙක් දැයි සොයා බලන බව ස්ථානාධිපතිවරයා කීය. සැකකරු බස්රථයෙන්ම පොලිසියට රැගෙන ආ රියැදුරුවරයාටත් සිසුවියට පිහිටවූ අනෙකුත් මගීන්ටත් බෙහවින් ස්තුතිවන්ත විය යුතු බව හෙතෙම පවසයි. සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment