gossiplanka image 1
 

පරිවාස සේවා කාලය අවසන් කොට රැකියා ස්ථිර වූ මිතුරන් කීපදෙනෙක් ඔවුන්ගේ පළමු වැටුපෙන් සාදයක් පැවැත්වීමට තීරණය කළහ. මෙම සාදය පැවැත්වීමට තෝරාගෙන තිබුණේ බිංගිරිය නගර සීමාවට කටට්ටුවෙන් පිහිටා තිබුණු මිතුරකුගේම නිවසකි. ඔහු මධුවිත පානය කිරීමට මහත් සේ ඇළුම් කළ අයෙකි. උදෑසන රැකියාව කරන ස්ථානයට යන විටත් මධුවිත තොල ගා යාමට ඔහු අමතක නොකළේය.


රැකියාව කරන අතරතුර සාදය පැවැත්වීමට දිනක් වෙන්කරගත් මිතුරෝ ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය එකතු කර එක් මිතුරෙකුට දුන්නේය. මධුවිත පානය කිරීම අතරතුර කට ගැස්මට අවශ්‍ය දේවල් ද සපයා ගත යුතු හෙයින් එක් එක් මිතුරන්ට ඒවා ඛාර දුන්නේය. තවත් මිතුරෙකු මේ සාදයට අහම්බෙන් මෙන් සම්බන්ධච්චි ලස් සඳහා කුකුලන් දෙදෙනෙකු හා මයියොක්කා අල ගෙන එන බවට පොරොන්දු විය. සාදය පැවැත්වෙන දිනය ළංවිය. ඒ වෙනුවෙන් අවශ්‍ය සියල්ල සූදානම් කොට ඇත. සාදය පැවැත්වෙන දිනට පෙර දින කුකුලන් දෙදෙනා හා මයියොක්කා සූදානම් කොට තැබිය යුතු හෙයින් එය බාරගත් මිතුරාට ඒවා රැගෙන ඉක්මනින්ම එන ලෙස සාදය සංවිධානය කළ තැනැත්තා කීවේය.


ඒ අනුව මයියොක්කා අල හිස් පොතොර උරයක බහා පාපැදියෙන් බේරවත්ත කොළමුණුඔය පාලම් හරහා බෝවත්තට පැමිණ ඉන්පසු බස්රථයක නැඟී බිංගිරියට ආවේ පැය ගණනාවකට පසුවය.පැය ගණනාවක් පමාදවී පැමිණි ඔහු කුකුලන් රැගෙන එන බවක් පෙන්නන්නට නොතිබුණි. කුකුලන් නොමැතිව මයියොක්කා පමණක් රැගෙන ආ මිතුරාගෙන් අනෙක් මිතුරෝ ඒ ගැන විමසූහ. එවිට එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හඬ අවදි කළ ඔහු මෙසේ කීය. කුකුල්ලු දෙන්නෙක් අරගෙන තමයි ආවේ. කුකුල්ලු දෙන්නගේ කකුල් ගැට ගහගන්න බැරිවුත. නිකං මල්ලක් ඇතුළට දාගෙනයි ආවේ.


වේලාව කියන මචං.. කුකුල්ලු දෙන්න හරියටම කොළමුණුණේ පාලම ළඟින් කොළ මඩයට පැන්නයිනෙ. මම ස්සතන වේලාවක් කොළමුණ්ඩියේ බැහැල කුකුල්ලු දෙන්නම් සෙවුවා ඒත් හමු වුණේ නැහැනෙ. ඒ කුකුල්ලුන්ට සාදයට එන්න ණය නැහැ. අපි බංගිරිය පැත්තෙන් කුකුල්ලු දෙන්නෙක් හොයාගමු යැයි ඔහු යෝජනා කළේ එයට විසඳුමක් වශයෙනි. කෙසේ වෙතත් කුකුලන් අලුතෙන් මිලදී ගෙන මස් සඳහා පිළියෙළ කරගැනීමට තරම් කාලයක් නොතිබුණ හෙයින් මයියොක්කා පමණක් තම්බා ගෙන මධුවිත රස බැලීමට මිතුරන්ට සිදු විය.