දකුණු පළාතේ ග්‍රාම සේවා නිලධාරී කාර්යාලයකි. උදේ පාන්දර එහි පැමිණ සිටියේ මැදිවියේ තැනැත්තෙකි. ඔහු බිමත්ව සිටියේය. බීමත්කම වැඩිවී පසුගියදා රෝහල්ගතව සිට නිවසට පැමිණ තනිවම සිටින බව ග්‍රාම්‍යසේවකට ආරංචි වී තිබිණි. මොකා උදේම බීගෙන අයත් තියෙන්නෙ ඔප්පුවක් ගනේද? ඉඩමත් විකුණාගෙන බොන්නද" ග්‍රාමසේවක ඇසුවේ කෝපයෙනි.
"නෑ රාළහාමි මට කාත් කවුරුවත් නෑ මරන්න කලින් මේ ඉඩමයි ගේයි ලියළා දෙන්න '' ඔහු කීවෙන් " කාටදැයි " ග්‍රාමිසේවක විමසීය.
ඔහු රොබෝ '' කී විට එතැනට ආවේ බලු තාඩියෙකි. ග්‍රාම සේවකට දෙවියන් සිහිවිය.
"මේක බල්ලට ලියන්න "පිස්සුද" පැවසු ග්‍රාමසේවක එය නීතිඥයකු මගින් අවශ්‍ය නම් එය කරගන්න කී විට එහෙම නම් රාළහාමි මේක ලියාගන්න. හැබැයි අයිතිය මේ රොබෝට තියන්න ඕන. අන්තිම වෙනතුරු මට සැළකුවේ මු විතරයි" කීවේ දුකෙනි. ඒ දෙස බලා සිටි බල්ලා ද කන්දෙක ගුලියකොට වලිගය වනා ග්‍රාමිසේවක දෙස බැලුවේ ඊට තම කැමැත්ත ලබාදුන් ලෙස.
Comments
Post a Comment