gossiplanka image 1



මාළු වර්ග හතක් සමඟ බත් කෑමට සිටි අයකුට අඩුම තරමින් එහි ගලඩ කැල්ලක්වත් කන්න හැකිව බත් කන්නට සිදු වූ පුවනක් දකුණෙන් වාර්තාවේ.ඔහු සේ මාළුවලට කෑදර වුයේ කුඩා කල සිටමය. මස් හෝ මාළු වර්ගයක් දැක්ම හෝ මුදීම කෙසේ වෙතත් ඒවායේ නමක් ඇසු විට ඔහුගේ කටට කෙල උපන්නේ නොදැනුවත්වය. ඔහු ඒ තරමටම මස් වලට ගිජුය.


නුදුරු දිනක ඔහු රට අභ්‍යන්තරයේ නගරයේ ගමකට ගියේ ඔහුගේ හිතවතකුගේ නිවසටය. ඔහු එහි ගියේ පවිතයේ පළමු වරටය. ඔහු දැක්මෙන් හිතවතා උද්දාමයට පත් වී ඔහු ඉතා උණුසුම් අයුරින් පිළිගෙන නිවස තුළට එක්කරගෙන ගියේ දවල් බතටද ආරාධනා කරමිණි.


ආගිය තොරතුරු කතා කරමින් සිටි ඔවුන් දෙදෙනා හිතවතාගේ කර්ය සාදා දුන් තේ කෝප්ප දෙක ද පානය කළහ. ඉන් අනතුරුව හිතවතා සිය භාර්යාව අතා අද මියගේ හිතවතාට දහවල් බත් හදන්න ඕන. හත් මාළුවද සාදන්න ඕන යයි කීවේය. හත්මාළුව යයි ඇසු සැණින් ඔහුගේ ඉහේ මලක් පිපුත්තක් මින් වුයේ සේ මාංශවලට ඇති වු පෙරේතකම නිසාය. එහිදී ඔහුගේ හිතත ඒ ප්‍රදේශයේ තිබෙන ජපන් කොරලි, ලූලා, වැලි ගොව්වා වැනි වැව් මාළුන්, පැරැටියා,හැඩොල්ලා වැනි ගංඟා මාලුන්, බලයා, ඉරටවල්ලා වැනි මුහුදු මාළු ඇතුළු මාලූ වර්ග හතක්ම ආවේය.


දහවල් කෑමට තවත් වේලාව තිබු බැවින් ඔහු සිය හිතවතාත් සමඟ කිට්ටුව පාත වැනවට ගියේ දිය නිමටය. හිතවතා දැනුම් දුන් පරිදි දහවලට වැවේ නාපු විට හොඳට බඩගිනි හැදෙනවා යයි පැවසු පසු දිය නෑමට මැළිකමක් දක්වන ඔහු දිය නෑමත ගියේ  හොඳට බඩගිනි ඇති කරගෙන දහවල් බතට එන හත් මාළුවට වධ දීමටය. හිතවතාගේ දහවල් බත කෑම මේසයේ සුදානම්ය. දහවල් බත් සමඟ හත් මාළුව කෑමට නොඉවසිල්ලෙන් සිටි ඔහුට ඒ සඳහා ආරාධනාව ලැබුණේය. පිලිවෙළකට කර දීසි ගොඩක් මැදි කර බත් දීසිය දුරදීම දුටු ඔහුගේ හිතවතා දහවල් කෑම මේසය හොඳට සාදා ඇතැයි කියමින් වයට ළඟාවුයේ හිතවතාගේ භාර්යාවට ද ස්තුති කරමින්ය.


කෑම මේසයට වාඩිවූ ඔහුට  දීසි හතකම ව්‍යංජන ජාති තිබුණත් එයින් කිසිවක එක මාළු කෑල්ලක්වත් තිබෙනු නොදුටුවේය. මුණ ඇඹුන්කරගත් ඔහු සිය හිතවතාගෙන් ඇසුවේ "කෝ මාළු හතක් බත් එකට තියනවා කියා කීවත් එක මාළුවක්වත් නැහැනේ" යයි කිවේය.


ඇයි මේ තියෙන්නේ මාළු වර්ග හතම යියි හිතවතා කරි දිසි හත තිබේ දැයි හරියටම ගණන් කර අවසානයේදී  කීවේය.


මේ තියෙන්නේ තිබ්බටු මාලුව, කිරි කොස් මාලුව, වම්බොටු මාලුව, කරවිල  මාලුව, වහමුව මාලුව, වන් කොස් මාලුව, වට්ටක්කා මාලුව යෑයි හිතවතා එකින් එක ගණන් කරමින් මාළුව හතක් තියෙන බව කීවේය. අයියෝ අපි නම් කියන්නේ මාළු කියලා බලයා. ඉරටවල්ලා, කොරළියා යයි ඔහු කී විට මේ පැත්තේ නම් කියන්යන් හැම ව්‍යාංජනයකටම මාළු කියලයි. හිතවතා කීවේය. අමුත්තන්ට තමයි මෙහෙම කෑම වේලක් දෙන්නේ යයිද හිතවතා කීවේය. බත් හැන්දක් දෙකක් හත්මාළුව සමඟ දා ගත් ඔහු එයද අතගා වල්ලාගත් හුණින් යුතුව සිතින් සිතා ගත්තේ මේ හිතවතාගේ ගෙදර නම් ආයේ කවදාවත්ම කෑමකට නොඑන බවය.