gossiplanka image 1
 

දුනගන ප්‍රදේශයේ දුප්පත් මවක​ට දුප්පත්කම ගැති කර ගැනීමට උපකාරයට ආ අයකු සිදුකළ උපකාරයක් මෙසේය. දුනගහ ප්‍රදේශයේ නිවෙසකට හදිසියේ යතුරුපැදියකින් තරණයෙක්  පැමිණියේය. ඔහු පැමිණද්දී නිවෙස් හිමි කාන්තාව මිදුලේ වැඩක යෙදී සිටියාය.


 "ආ.... නැන්දේ

"ඇයි පුතේ.....' ඇය විචාළය.

" නැන්දාට ආධාරයක් දෙන්න පිටරට කට්ටියක් වනව කියල පණිවුඩයක් එවල තියෙනව. නැන්ද ඔය වැ​ඩේ නතර කරල ගෙට ගිහිල්ල දුප්පත් තාලෙට ඉන්න..."

කොහොමද පුත් දුප්පත් තාලෙට ඉන්නෙ? ''

'' පරණ රෙද්දක් හැටිටියක් ඇඳ ගන්න.  ටිකක් අවුල් කරගෙන ඔය කරාබු දෙකයි. කරේ තියෙන මාලෙයි ගලවලා ගෙයින් නියන්න. ඒ මහත්වරු තව ටිකකින් ඒවි.

කාන්තාව පරණ ඇඳුම් හැඳි කරාබු දෙකත්  ගලවා නිවසේ මේසය මත තැබුවාය.

" නැන්දෙ සුදු මහත්වරු දැන් එයි. වතුර එකක් දෙන්න කා  බොන්න”


තරණයට වතුර දීමට ඇය නිවෙස තුළට ගියාය. අලුත්ම වීදුරුවක් සෝදා වතුර විදුරුවක් ගෙන පිටතට විද්දී තරුණයා එහි නොවීය. ඔහු පැමිණි යතුරුපැදියද නැත.


'' කොලුවා පණිවිඩේ කියලා යන්න ඇති ". ඇයට එහෙමත් සිතුණි. සුද්දෝ තවමත් නැත. පාර බලා සිටි ඇයට මෙය සිහිනයක් දැයි සිතුණාය. පණිවුඩය කී තරුණයාද නැත. ආධාර දෙන්න එනවැයි කී සුද්දොත් නැත. ඇය අන්තිමට ගෙට ගොස් බැලු විට කරාබු දෙකයි මාලයයි තැබු තැනින් අතුරුදන් වෙලාය.