බිරිඳ අමනාප වී මහ ගෙදරට ගොස් සිටියද මහ රෑ ඇය හමුවීමට බීමතින් ගිය සැමියා ඇයගේ ගුණ හි ගායනා කරමින් ඇය කැඳවාගෙන එන්නට ගොස් සිදු වූ අලකලංචියක් පිළිබඳ පුවතත් තලාතුඔය පොලිස් වසමට අයත් පෙදෙසකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය.
සැමියාගේ අධික බිමත්කම හා අඩන්තේට්ටම් නිසා ඔහු අත් හැර සිය මවගේ නිවසට ගිය බිරිඳ යළි කැඳවා ගෙන එම සඳහා මහ රෑ වීම නිවසට බිමතින් ගිය සැමියා ඇයගේ නිදන කාමරය අසළට ගොස් නිවසේ දොර විවෘත කරන ලෙස ඉල්ලා ඇත. එහෙත් බිරිඳ එයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. එම අවස්ථාවේ සැමියා "කළේ පැන් නැත නැවුම් රහ නැත මොකද මන්දා ළිඳට වුයේ. පුලුස්සාගත් රොටිය කරව්ය මොකද මන්දා ලිපට වූයේ, යමන් සුදෝ ගෙදර... දෙන්නම් මගෙ මැණිකා - ගෙදර ගිහින් පැණි වරකා යනාදී වශයෙන් විවිධ හී මහ හඬින් ගායනා කරමින් බිරිඳට ගෙදර යාමට ආයාචනා කර තිබේ.
එහෙත් බිරිඳ හෝ නිවසේ කිසිවකු ඔහුට ප්‍රතිචාර දක්වා නැත. එම අවස්ථාවේ " උඹ ගෙදර වන්නේ නැත්තම් මම හොඳ වැඩක් කරනවා " කියා ඔහු තම ඉනේ සඟවාගෙන සිටි අරක්කු බෝතලයක් ගෙන කටේ හලා ගෙන හිස් බෝතලය බිම ගසා කඩා වයින් තම හිස සහ අත් කපා ගෙන තුවාල සිදු කර ගෙන තිබේ. මේ පිළිබඳව නිවැසියන් පොලිසිය ඇමතීමෙන් පසු පොලිස් නිලධාරීන් එහි ළඟා වනවිට මෙම පුද්ගලයා කැපුම් තුවාල සහිතව මහමඟ සිටිනු දැක ප්‍රශ්න කිරීමේ දී බර්දගේ නිවැසියන් තමාට පහර දුන්නේ යයි පවසා ඇත. පොලිස් නිලධාරීන් විසින් ගිලන් රථයක් ගෙන්වා මෙකී පුද්ගලයා රෝහල් ගත කර ඇත.
Comments
Post a Comment