දිවයිනේ අඩු ආදායම් ලාභී පවුල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිසි අයුරින් හැදැරීමට ශිෂ්‍යත්ව පිරිනැමීමට සිනිගම ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ හා සභාපති කුසල් ගුණසේකර මහතා පියවර ගත්තේය. උතුරු නැගෙනහිර දෙපළාත ද ඇතුළුව දිවයියන් අඩු ආදායම්ලාභී පවුල්වල විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සියයක් සඳහා මේ සත්කාර්යය කිරීමට ගුණසේකර මහතා කටයුතු කළේය. එක් සිසුවකුට මාසයකට රුපියල් 3000 බැගින් වසරකට රුපියල් 36000ක් මේ ශිෂ්‍යත්වයෙන් ලැබෙන අතර, සිසුන් 100 දනා වෙනුවෙන් මේ අනුව වසරකට වැය කරන මුළු මුදල රුපියල් තිස්කය ලක්ෂයකි.
සීනිගම ගුණය සතුට පදනමේ සාමාධිකාරී සම්පත් විරාජ් මහතා ඇතුළු එම පදනයට අසනෙකුත් නිළධාරී මණ්ඩලය විසින් යම් වැඩසටකන සංවිධානය කළ අතර, මේ වන විටත් මේ ශිෂ්‍යත්වය තෝරාගත් විශ්වවිද්‍යාල සිසුන් සියදෙනා වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ඇත. මහා පොළ ශිෂ්‍යත්වය හැරුණු විට තමන්ගේ අධ්‍යාපනය සඳහා මේතරම් විශාල මුදලක් ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවත්, යම් ශිෂ්‍යත්වය නිසා දැන් තමන්ට කිසිදු කරදරයකින් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරිය හැකි බවත් යම් ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක කළ කුසිල් ගුණසේකර මහතා ඇතුළු පිරිසට තමන් සතවින් ස්තුතිවන්ත වන බවත් ශිෂ්‍යත්ව ලැබු විශ්ව විද්‍යාකළ සිසු සිසුවියෝ කීහ.
Comments
Post a Comment