gossiplanka image 1
 


ස්ථාන මාරුවක් ලබා මාතලේ උකුවෙල ප්‍රදේශයට පැමිණි ග්‍රාම නිළධාරිවරයකු තම කාර්යාලය පවත්වාගෙන යාමට සුදුසු

ගොඩනැගිල්ලක් සොයා දින කිහිපයක් තිස්සේ අලුත් වසමේ නිවෙසක් ගානේ හීයේය. තමන්ගේ සිතට ගැලපෙන ස්ථානයක් සොයා ගැනීම් එකරම් පහසු වුයේ නැත. අලුතින් ගමට  පැමිණි ග්‍රාමනිළධාරීවරක පිළිගැනීමට  ඇතැනීමක් අමතක  නොකළහ. 


ඔහු ගමේ  පැරණි වැඩිහිටියකි. ඔහුට ග්‍රාම‍ නිළධාරිවරයා මුණ ගැසිණි.


 "ග්‍රාමනිළධාරී මහත්තයෝ කොහෙද යන්නේ කියිමින් ඇසුවේ දැන හඳුනා ගැනීමේ අදහස පෙරදැරිවය.


'මට කාර්යාලයක් දාන්න තැනක් සොයා ගෙන යනවා”


"කොහෙවත් යන්න ඕන නැහැ මගේ ගෙදරින් කාමරයක් දෙන්නම් මුදල් එහෙම  අවශ්‍ය නහැ.


සතුවට පත් ග්‍රාම නිළධාරිවරයා සයිමන් ගේ නිවස වෙත පිය නැගුවේය.  සයිමන් තම නිවසේ කාමරයක්  පෙන්නුවේය. ග්‍රාම නිළධාරීවරයාගේ  සිතට තරමක සතුටක් ඇති විය. තැන සුදුසු යැයි සිතා ගත්තේය. සයිමන් මුදලක් අවශ්‍ය න කී නිසා වීම කාමරයේ කාර්යාලය පවත්වාගෙන යාමට සිතා ගත්තේය. නිවසේ ඉදිරි පස දොර වැසු විට ජනේලයෙන් කාමරයට ඇතුළුවීමට සිදුවේ. ඒ බව සයිමින්  ග්‍රාමනිළධාරීවරයාට පහදා දුන්නේය.

මුදල් නොගෙවන නිසා කොහෙන් ගියත් වරදක් වන්නේ නැහැනේ. ග්‍රාමනිළධාරීවරයා සිතුවේය.


පසු දින සිට එම  කාමරයේ කාර්යාලය විවෘත කෙරිණි. ඉදිරි

ජනේලය අසලට පැමිණෙන අයට අවශ්‍ය සේවය සැලසීමට පහසුකම් යොදා ගත්තේය. දිනක් ප්‍රාදේශීය සල්කම්වරයා ග්‍රාමනිළධාරී කාර්යාලය පරික්ෂාවට පැමිණියේය. එදින සයිමින් දින කිහිපයකට දොර වසා පිටව ගොස් සිටියෙය. කාර්යාලයට ඇතුළු වීමට දොර සෙවු ලේකම්වරයා අන්දුන් කුන්දුන් වී ගියේය. ග්‍රාම නිළධාරීවරයා ජනේලය  පෙන්නුවේය. ලේකම්වරයා ආපසු යන්න ගියේය.