gossiplanka image 1
 



 



ටියුෂන් ගුරුවරයකුගේ පෝස්ටර් ඇළවීමට අවශ්‍ය පාප්ප සාදා ගැනීම් සඳහා එම ගුරුවරයා විසින් ලබාදුන් පාන් පිටි කිලෝ දෙකකින් රොටි පුළුස්සන්  ගෝල පිරිසක් පිළිබදව පුවතක් ලංකාදීපයට වාර්තාවේ.  සිද්ධිය මෙසේය. ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකි. ප්‍රදේශයේ නගර කීපයක්ම ආවරණය වන පරිදි පන්ති පවත්වාගෙන ගිය ඔහු සිය ප්‍රචාරක කටයුතු කරගෙන යනු ලැබුවේ තැන තැන අලවනු ලබන පෝස්ටර් මගිනි. නිර්මාණශීලීව සකස් කරනු ලැබු පෝන්ස්ටර් සදහා යම් මුදලක් වැය වුවද පෝස්ටර් ඇළ වීම සිදු වූයේ ඒ ඒ ප්‍රදේශවල සිටින සිය ගෝල බාලයන් (ඔහුගෙන් ඉගෙන ගන්නා සිසුන්) අතිනි. ඔහුට ඒ සඳහා වැයවූයේ පාන් පිටි කිසළෝ දෙක තුනක් පමණි.


පසුගිය දිනෙකද සවස් සායේ පන්ති අවසන් කළ හෙතෙම සුපුරුදු පරිදි පෝස්ටර් මිටියක් හා පිටි කිලෝ දෙකක පමණ මල්ලක් දරුවන් අත තැබුවේ පුතාල එහෙනම් අදත් කවසට ටික වෙනදා වගේ අලවල දාන්න යනුවෙන් කරුණික ඉල්ලීමක්ද කරමිනි. අකමැත්තෙන් වුවද පෝස්ටර් මිටිය අතට ගත් පිරිස ඔහුනගන් සමු ගත්තේ පෙර ක්තිකා කර ගත් පරිදි සිය ගුරුවරයාට අමතක නොවන පාඩමක් ඉගහන්වීමේ අදිටනිනි. කලින් සූදානම් කරගත් ස්ථානයකට රැස්වු පිරිස පාප්ප සෑදීම පසක තබා වම් පිටිවලින් රොටි සකස් කර කෑමට ගත් අතර පෝස්ටර් තොගයද එහිම තබා ඉන් පිටව නිවස්වලට ගියේ යළිත් ඔහුගෙන් ටියුෂන් ගැනිමද නවත්වන වට එකිනෙකාට සපථ කර ගනිමිනි.