gossiplanka image 1
 




ඔහුගේ දේශපාලන ගමන් මගට බෙහෙවින් දායකවූ අනුග්‍රාහකයකු මේ ප්‍රාදේශීය දේශපාලකයා හමුවට පසුගියදා ගියේ නම ඥාතියකුගේ සේවා ස්ථාන මාරුවක් ලබා ගැනීමටය. අදාළ ලිපි ලේඛන පරීක්‍ෂා කළ ඔහු එය යළි ගොනුකොට අසල වූ රූපවාහිනි ආධාරකය යට නැබුවේ "හරි වැ​ඩේ කෙරුණ කියල හිතා ගතා" කියමිනි, ස්තුති කළ හිතවතා ආපසු ගියේ විශාල බලාපොරොත්තුවකිනි.


මාසයක් ගතවුවත් වැඩේ නොකෙරුණ නිසා යළි දේශපාලකයා හමුවට ගිය විට ඔහු කීවේ "ඔක්යකාමී කර කට අනිද්දා මාරුවීම් ලිපිය වෙවි" .


නිවසෙන් පිට වීමට පෙර රූපවාහිනී ආධාරකය දෙස බැලූ ඔහු තමා දුන් ලිපිය එහි ඒ ආකාරයෙන්ම ඇති බව පෙනිණි. ලිපිය පරික්‍ෂා කළ ඔහුට එහි කිසිදු වෙනස්කමක් යන්නාවූ බව දැකිමත් තරු පෙනිණ.


"වැඩේ හරියන්නේ කොහොද මන්ත්‍රීතුමා තවම ලියුම් මෙතනමනේ“ කී ඔහු එය අතට සඟන තවත් සර වචන කීපයක් කියා නිවසෙන් එළියට බසින විට මන්ත්‍රීවරයා ගේ මුණ අදුරු විය.