gossiplanka image 1
 



කලක් කරණවෑම් රැකියාවක් කළ අයෙක් කොණ්ඩය කපා ගැනීමට කඩමුඩියේ තිබූ සැලුන් එකකට ගිය පසු එහි රණ්ඩුවක් විසඳීමට පරණ රැකියාව උපයෝගී කර ගත් සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. ඔහු කරණවෑමි රැකියාවක් කර දැන් වෙනත් රැකියාවක යෙදී සිටින අයෙකි. දිනක් ඔහු කොණ්ඩය කපාගැනීමට සැලූනයකට ගොස් ඇත. ඒ මොහොතේ එහි රැවුල කොණ්ඩය කපා ගැනීම සඳහා පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් අතරින් කෙනෙක් එහි හිමිකරු සමග රණ්ඩුවක පැටලී සිටිනු දැක තිබේ. එය කුළක්දැයි විමසුවිට බලන්නකෝ මෙයා කියනවා මට පරක්කු වෙනවා ඉක්මනට කොණ්ඩය කපන්න කියලා.


මම විතරයි අද මෙතන වැඩට ඉන්නේ. එන පිළිවෙළට තමයි කපන්නේ කියලා කිව්වම මට බනිනවා. කාටත් හදිසියි තමා මොකද එකට කරන්නේ කියා පිළිතුරු දුන් විට මමත් ඔය රස්සාව කාලයක් කෙරුවා. මටත් හොදට වැඩ පුළුවන්. මමත් ආවේ කොණ්ඩය කපා ගන්න. මම වැඩට ආව කෙනෙක් කියලා කියන්න. ඔයාට කරන උදව්වක් කියලා හිතලා කැමතිනම් මම වගේ කොණ්ඩය කපන් එනකොට ඔය ප්‍රශ්නය ඉවරයි කියා ඇත.


අනේ ලොකු උදව්වක් මෙන්න ආයුධ කපන්න.” කියා දී ඇත. පසුව කලබලය ඇති කළ පුද්ගලයා එහි පුටුවකට ගෙන අලංකාරවත් ලෙස කොණ්ඩය කපාදුන් පසු ලැබුණු මුදල එහි හිමිකරුට දුන්විට  ඔයා තියා ගන්න. මට අද දවසේ කළේ ලොකු උදව්වක් කියා මුදල ප්‍රතික්ෂේප කළ විට නෑ ඔයාගේ සැලුන් එකනේ මට සල්ලි එපා කියු විට එහෙනම් මගේ කොණ්ඩය නොමිලේ කපා දෙන්න යැයි කියා ඇත. එයට එකගවු සැලුන් හිමිකරු උදව්ව කළ අයගේ කොණ්ඩය නොමිලේ කපාදී වැඩේට මහත්සේ ස්තූති කර  ඇත.