gossiplanka image 1
 


හදිසි අනතුරකට ලක්ව පාදයේ ඇඟිල්ලක් කැඞී වේදනාවට පත් වූ තරුණියක දේශීය කැඩුම් බිඳුම් වෙද මහතකු කරා කැඳවාගෙන යනු ලැබුවාය.

වෙද මහතා ඇඟිල්ල පිරික්සා බලා සුදුසු ප‍්‍රතිකාර ලබාදී නිවෙස කරා ආපසු එවීය.


ප‍්‍රතිකාර කිරීමේදී ද පීඩාවට පත් ඇය ති‍්‍රරෝද රථයෙන් බස්සවාගෙන නිවෙසට කැඳවාගෙන ගියේ ඔසවාගෙන යන පරිද්දෙනි.


ඇය නිවෙසට ගෙන ගොස් ඇඳෙහි තැබූ සැනින් නිවසේ අයකු රූපවාහිනිය කි‍්‍රයාත්මක කළේය.


එහි එක්තරා ටෙලි නාට්‍යයක් දිග හැරෙමින් තිබෙනු දුටු කාන්තාවක් හා... හා... අන්න කතාව යනවා කියමින් හරිබරි ගැහී ඇඳේ වාඩිවූවාය.


අනතුරට පත්ව සිටි තරුණිය ආයි... අම්මෝ... කියමින් එවිට කෑ ගැසුවාය. ඒ සැනින් ඇය සිහිසුන් වූයේ සියල්ලන්ම බිය වද්දමිනි. 


පසුව සොයා බලද්දී පෙනී ගොස් ඇත්තේ පළමු කාන්තාව කලබලයට ටෙලිනාට්‍යය නැරඹීමට වාඩිවී ඇත්තේ අනතුරට පත් තරුණියගේ පාදයක් මතය.


පත්තු බෙහෙත් බැඳ අපහසුවෙන් නිවෙසට ආ තරුණියට වේදනාව දරාගත නොහැකිවීම නිසා සිහිසුන් වී ඇත. ඇගේ මුහුණට වතුර ඉස සුවපත් කිරීමට නිවැසියන් වෙහෙසෙද්දීත් ටෙලිනාට්‍ය බලන කාන්තාව එය දෙස රසවිඳිමින් බලා සිටියාය.