වයඹ පළාතේ රජයේ දිසා රෝහලක සිදුවූ එක්තරා සිදුවීමක් නිසා රෝහල් සේවකයකුට අකරතැබ්බයකට මූණපෑමට සිදුවිය. ඔහු තරුණ සේවකයකු වූ නමුදු තරමක් මත්පැන් වලට ලොල් වූවෙකි. එදින ද හීනියට මත්පැන් පොදකින් සප්පයාම් වූ ඔහු රාත්‍රී වැඩ මුරයේ යෙදී සිටියේය.එදින රාත්‍රියේ තරමක් අසාධ්‍ය තත්ත්වයේ සිටි රෝගියෙකු රැගෙන ආවේ රෝහලෙන් නේවාසික ප්‍රතිකාර ලබාගැනීම සඳහාය. වෛද්‍යවරයෙකු විසින් රෝගියා බලා ලියා රෝහලේ නවතා ගත් අතර ඔහු සිරෝසිස් රෝගයෙන් පෙලීම නිසාත් උදරය කළගෙඩියක් මෙන් ඉදිමි තිබිම නිසාත් ට්‍රොලියක දමා තල්ලු කරගෙන යාම පැවරුණේ ඉහත කී සේවකයාටය.
මෙම සේවකයා රෝගියා ගෙන යා යුත්තේ පළවෙනි වාට්ටුවටය. ඒ වාටිටුවට යන අතර තුන්වන වාට්ටුව පසු කර යායුතු හෙයින් තුන්වෙනි වාට්ටුව දෙස බැලු මෙම සේවකයා එහි සාත්තු සේවිකාවන් නිදි කිරමින් සිටිනවා දැක සිරෝසිස් රෝගියා එම වාට්ටුවට ගෙන ගියේය. එය එම රෝහලේ ගැබිනි වාට්ටුවය. රෝගියා ඇඳක් මත තබා ගෙලේ සිට පාද තෙක් වැසෙන සේ රෙද්දකුත් ඇගට දැමීමය. ඉන්පසු ඔහු යන්නට ගියේ සිය නිවස බලාය.
ඉන්පසු නින්දෙන් අවදි වූ හෙදියන් පැමිණ රෝගියාට දමා තිබූ රෙද්ද ඉවත් කර පරික්‍ෂා කළේ ගැබිනි කාන්තාවක් යයි සිතාගෙනය. ඉන්පසු දැක්කේ ගැබිනි වාට්ටුවකට ගෙනවිත් ඇති පිරිමි රෝගියෙකි. හෙදියන් කලබල වී මේක නම් කර ඇත්තේ අහවල්ලු " යයි එක් හෙදියක් කෝපයෙන් පැවසීය. ඉන්පසු එම සේවකයාට පසු දිනම ඈත ප්‍රදේශයක රෝහලකට මාරුවක් ලැබිණි.
Comments
Post a Comment