gossiplanka image 1
 


හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ අයෙකුට දඩ කොලයක් දුන් පොලිස් නිලධාරියාම දඩය ගෙවීමට මුදලක් දුන් පුවතක් පිළිබඳව වයඹ පළාතේ පොලිස් ස්ථානයකින් වාර්තා වෙයි. අසන්නට ලැබුණු පරිදි සිද්ධිය  මෙසේය. මෙම පොලිස් නිලධාරියා රථවාහන

අංශයේ සේවය කරන්නෙකි. රියැදුරන් අතින් සිදුවන වැරැදි සෑම එකක් පිළිබඳව විමසිලිමත්ව රාජකාරියේ යෙදී සිටින මොහුගේ පිළිවෙත පිළිබඳව යතුරුපැදිකරුවන්ගෙන් වාහන රියැදුරන්ගෙන් එල්ලවන දෝෂාරෝපණ  කෙළවරක් නොමැත.


වාහනයක් වමෙන් පදවන්නේ නැතිව දකුණු පැත්තෙන් ගියොත් එයටද දඩ කොල ලියාදීම ඔහුගේ සිරිතය. දිනක් මෙම පොලිස් නිලධාරියා

ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයට පිවිසෙන ස්ථානයක රාජකාරියෙහි යෙදී සිටියදී හිස්වැසුමක්  නොමැතිව යතුරු පැදියකින් පැමිණි අයකුට නවතින ලෙස අණ කළේය. යතුරු පැදිකරු පොලිස් අණ පිළිපැද මාර්ගය අයිනට ගොස් යතුරුපැදිය නතර කළේය.


"කෝ.. හෙල්මට් එක ගන්නව ලයිසන් එක මෙහාට.'' පොලිස් නිලධාරියා සැරෙන් වැරෙන් කතා කළේය. ඔහුගේ ඉල්ලීම අනුව යතුරුපැදිකරු ලයිසන් එක ඇතුළු අනෙකුත් ලිය කියවිලි සියල්ල ඉදිරිපත් කළේය. 

රාජකාරිය කාටත් එක සමාන බව දැනගත් යතුරු පැදිකරු එහිදී අසරණ විය. එහෙත් තමාගේ පුතා වූ පොලිස් නිලධාරිවරයා තමාට දඩ කොලයක් ලියාවි යයි ඔහු සිතුවේ නැත.


මොහොතකින් ඔහු අතට දඩ කොළයක් ලැබිණි. ඒ සමගම එය ගෙවා දැමීමට අවශ්‍ය මුදලද ලබාදිමටද පොලිස් නිලධාරියා අමතක කළේ නැත.

"පුතා හරියටම හරි'' යයි කියමින් යතුරුපැදිකරු එතැනින් නික්ම ගියේය. මේ යතුරු පැදිකරු පොලිස් නිලධාරියාගේ පියාය.