gossiplanka image 1
 


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් වැටලීමකට එන බවට ලද දුරකථන ඇමතුමකින් කළබලයට පත්වු ව්‍යාපාරිකයකු එහි සිටි ගනු දෙනුකරුවන්ට හදිසි තත්ත්වයක්  පා කමුඩියේ වෙළෙඳ සල වසා දමා පිටවගිය පුවතක් පසුගිය දා වයඹ පළාතේ ගමකින් වාර්තා විය. එම වාර්තාවට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවි කරන ආපන ශාලා ඇතුළු වෙළෙඳල් වටලා වැරදි කරුවන් වන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිරන්තරව කටයුතු කරති.


මෙම නිලධාරීන් වැටලීම සඳහා හදිසියේ ගමකට හෝ නගරයට පැමිණ වෙළෙඳ සලක් දෙකක් පරීක්ෂාවට ලක් කරන විට ඒ බව සෙසු ඇතැම් වෙළඳුන්ට සිය හිතවතුන් මගින් දැන ගන්නට ලැබෙන අවස්ථාද නැතුවා නොවේ. එසේ ලැබෙන පණිවිඩයට අනුව තම වෙළෙඳසල පිරිසුදුවට හා පිළිවෙළකට තබාගන්නා වෙළඳුන් මෙන්ම ඒ මුකුත්ම නැතිව කඩිමුඩියේ වෙළෙඳසල වසා දමා හීන් සීරුවේ මාරු  වී යෑම ඇඟට ගුණ යැයි සිතන වෙළඳුන් ගන්නද අසන්නට ලැබෙන අතර මෙයද එවන් සිදුවීමකට අදාළ කතාවකි.  අදාළ ගමේ සිල්ලර වෙළෙඳසලක මුදලාලි සිය රාජකායේ යෙදෙන අතරතුර හදිසියේම දුරකථන ඇමතුමක් ලැබී ඇත.


ඊට කලබලයෙන් මෙන් ප්‍රතිචාර දැක්වු මුදලාලි "හා හොඳයි හොඳයි මේ දැන්වීම වනවා ” යැයි පවසා ඇත. අනතුරුව මුදලාලි එහි සිටි තම ගනුදෙනුකරුවන් අමතා ''අනේ  සමාවෙන්න මට හදිසියේ කඩේ වහල ගෙදර යන්න වෙලා. මොකද පොඩි කරදරයක් කියලා පණිවිඩයක් ආවා. බඩු ගත්තු අග ගනුදෙනු පස්සෙ බලා ගමු“ වයස් කී මුදලාලි වෙළඳාම පසෙක ලා කඩිමුඩියේම වෙළෙඳසැල වසා හි ඉදිරියේ නවතා තිබු කුලී ත්‍රිරෝද රථයක නැගී පිටව ගොස් ඇත. මුදලාලියගේ මෙම හදිසි කලබලයට හේතුව කුමක්දැයි හිතවත් ත්‍රිරෝද රථ රියැදුරා ගන යන අතරේ මුදලාලිලාගෙන් විමසා ඇත. එවිට මුදලාලි තමන් වෙළෙඳසල හදිසියේම වහපු ඇත්තම කාරණ්තව වම රියැදුරාට පවසා ඇත.