gossiplanka image 1
 


කිහිර වුණු ළදරුවකු ඉකුත් දිනක මහ රෑ අධිකරණ වෛද්‍ය  නිලධාරිවරයකුගේ බැරගම නිවසට ගෙනගිය අවස්ථාවේ වෛද්‍යවරයා තම පෞද්ගලික මෝටර් රථයෙන් දරුවා එළිවෙන්නටත් පෙර හම්බන්තොට මහ රෝහලට ගෙනගිය පුවතකි මේ.  අලුයම 4.000 පමණ තම නිවස ඉදිරිපිට කාන්තාවක කෑ ගසන ශබ්දයක් ඇසී හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය  නිලධාරී ඩී. තරංග ද සිල්වා මහතා  වහා දොර ඇර බැලීය.  මාස හතක ළදරුවෙකු තුරුළු කර  ගත් කාන්තාවක ’ අනේ  බුදු සර් මගේ දරුවට මොකක්ද වෙලා” යැයි කෑගසද්දී දරුවා වඩාගත් වෛද්‍යවරයා වහ වහා දරුවාට ප්‍රථමාධාර දුන්නේය.


එහෙත් දරුවාගේ තත්ත්වය බරපතළ බව අවබෝධ කරගත් වෛද්‍යවරයා ඒ අවස්ථාවේම තම මෝටර් රථයන් වෙත් සමග දරුවා කියලෝ මීටර් 15ක් පමණ දුර හම්බන්තොට මහ රෝහලට පිමිමේ ගෙන ගියේය. රෝහලේදී දරුවා බේරාගැනීමට ද වෛද්‍යවරයා දැඩි උත්සාහයක් ගත් නමුත් දරුවා මිය ගියේය. දරුවා මිය ගොස් ඇත්තේ කිරි හිරවීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය.  දරුදුක දන්නා දෙව්වරු වැනි මෙවැනි වෛද්‍යවරුන් මුළු රටටම ආදර්ශයක් බව බැරගම ප්‍රදේශවාසීහු කියති.