gossiplanka image 1
 

119 පොලිස් හදිසි ඇමැතුමක් මගින් අල්ලා දීමට තැත් කළ කුඩුකාර සකකරු පසුව නිවසක සැගවී සිටි පොලිස් නිලධාරීන් ගිය පසු "හු... හු.. මාව ඇල්ලුවාද මගේ අල්ලා ගනින් නැඵයි” අසල්වාසීන්ට පවසා අත උස්සා කොකා පෙන්නා පලා යාමේ සිද්ධියක් නුගේගොඩට නුදුරු දෙල්කඳින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. වැලේ දමන කමිසය කලිසම පවා මේ ප්‍රදේශයේ කුඩුකාරයන්ගේ ගොදුරුකි. මඟ පරිමාණයේ සොරකම් නොකළත් කුඩු පැකට්ටුවක් වෙනුවෙන් නොකරන සොරකමකේද නැත. එ නිසා ප්‍රදේශයේ ගෙවල්වල පදිංචිකරුවන් මෙන්ම වෙළෙඳසැල් හිමියන්ද මොහු පිළිබඳව පසුවෙන්නේ දැඩි සෝදිසියෙනි.


මෙදින සතියේ වැඩ කරන දිනයෙකි. දෙල්කඳ ප්‍රදේශයේ ගෙවල්වල වැඩි දෙනෙකු රැකී රක්ෂාවලට ගොසිනි. ළමා ළපටින් පාසල් ගොසිනි. එ නිසා ගෙවල් දොරවල් පාළු බවක් පැවැතිනි. "කල දුටුකල වළ ඉසගන්නාක් මෙන් “ නිවසක තාප්පයකින් පැනගත්  පුද්ගලයකු ගෙවත්තේ ඇති පිත්තල හා යකඩ කැබලි එකතු කරමින් සිටී.


ගෙහිමියා- ඇයි තමුසේ මගේ තාප්පයෙන් පැනලා ඇතුළු වුණේ ?

සැකකරු - නැහැ මහත්තයා අහක යන යකඩ කැලියි පිත්තල

කැලියි එකතු කරන්න.

ගෙහිමියා - තමුසේ ඕවා එකතු කරන්න එපා යනවා යනවා ඉක්මනට.

සැකකරු - නොගියොත් මොකද කරන්නේ යනුවෙන් ප්‍රශ්න කරද තිබේ.

ගෙහිමියා - මේ සම්බන්ධව 119 පොලිස් හදිසි ඇමතුමක් දුන් බවද පැවසේ.

සැකකරු - එම නිවසේ තාප්පයෙන් පැන ගියත් යාබද නිවසේ තාප්පයක් ඇතත් එයින් පැනගොස් නොමැති බව පැවැසේ.


හදිසි ඇමතුම් අංශයට දුන් දුරකථන ඇමතුම අනුව ඒ ස්ථානයට පොලිස් නිලධාරීන්ද පැමිණ ඇත. ඔවුන් අසල්වාසින් සමග එක්ව එම ස්ථානවල සෝදිසි මෙහෙයුළක් ද කර ඇත. නමුත් සැකකරු හෝ ඔහු ආගිය ගමන් මාර්ගයක්වත් සොයා ගැනීමට නොහැකි වී ඇත. එදින දහවල ගෙවී සවස් යාමයේ හෝරා දෙකක් හෝරා තුනක් ගතවිය. සැකකරු පලා යන්නට ඇතැයි  සිතූහ. මොනයම් හේතුවක් මත හෝ පාළුවට යවන ලද නිවසක් මේ නිවාස ආසන්නයේ ඇත. මේ නිවසේ වහලයේ සිව්ලිම් අස්සේ සැඟවී සිටි සැකකරු එයින් බැස තිබේ. ඒ වේලාව සවස 5.30 හෝ 07.00 පමණ වන්නට ඇත. නිවැසියන් ඉදිරියට දිව ගිය සැකකරු මම තමයි කුඩුකාරයා. හු... හු... ඇල්ලුවාදැයි අසමින් දිව ගියේය.