gossiplanka image 1
 


කනප්පු කරකවා සොරුන් අල්ලන ක්‍රමය මේන් නොව පුටු මේස යැවූ නිලධාරින් රවටන්න යෙදූ උපක්‍රමයක් පිළිබඳව පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.  පසුගිය දා ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට ආධාර ලබාදීම සිදුකළ අතර ඊට අමතරව නිවාස වල කැඩී බිඳී ගිය ගෘහ  උපකරණ සඳහා ආධාර ලබාදීම සඳහා එහි නිවාසවල ගෘහ උපකරණවල සමීක්ෂණ සිදුකිරීම අදාළ ප්‍රසශයේ ලේකම් කාර්යාල මගින් සිදුකරණි. ඒ සදහා තොරතුරු ලබාගැනීමට පරීක්‍ෂණ කණ්ඩායම් හංවතුර ඇති වූ ප්‍රදේශවල ගෙන්  ගෙට ගියහ. එවැනි නිවසක කැඩී බිඳී ගිය අබලන් වු මේසයක් පුටු කීපයක් සටහන් වලට ඇතුළත් විය.


එම ප්‍රදේශයේ තවත් නිවසකදීම එම මේසයත් පුටු කීපයක් තිබෙනු දුටු එක් නිලධාරියකුට කාරණය තේරුම් ගියේය. මෙය එකම මේසයට පුටුවලට තවත් ආධාරයක් ගැනීමට සිදු කළ උපක්‍රමය නිලධාරීන්ට පැවසු හෙතෙම මේ පිළිබඳව කාරණය නිවසියන්ගෙන් ප්‍රශ්න කළේය. අවසානයේ ඔවුහු නිවැසියාට අවවාද කළහ. මෙවැනි සිද්ධි කීපයක් එම ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි සමීක්‍ෂණවල යෙදුණු නිලධාරීහු කීහ.