ඩෙනිම් කලිසම්කින් හා වල් කමිසයකින් සැරසී කොණ්ඩය කොට කපා තරුණයෙකු හෙට්ටිපොළ නගරයට ආසන්න ප්‍රදේශයක නිවසක් අසලදී වයස අවුරුදු 15ක් පමණ වු ළාබාල දැරියක තමා පැමිණි ත්‍රිරෝද රථයට බලෙන් දමාගෙන යාමට තැත් කරනු දුටු ගම්වාසීන් පිරිසක් තරුණයාට පහරදී ත්‍රීරෝද රථයත් එහි රියැදුරාත් තරුණයාගේ සහායට පැමිණි තවත් තරුණියකුත් පසුගියදා හෙට්ටිපොල පොලිසියට බාර දෙනු ලැබීය.
මෙම සිද්ධියේ සුළුමුල සොයාගිය හෙට්ටිපොල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී උ.පො.ප. එච්.කේ. රත්නායක මහත්මියට හැකි වුයේ දැරිය පැහැරගත්, කොල්ලාද කෙල්ලක බව සොයා ගැනීමටය.
මෙහි කාලෙකු ලෙස පෙනී සිටි තරණීය 20 කැවිරිදි වියේ පසුවන අතර නිතර පිරිමි ඇඳුම් අඳින දුම්පානයට ඇබ්බැහිවු ශරීරය පුරා පවිච්ච කොටා පිරිමි ස්වරූපයෙන් හැසිරෙන අයෙක් වන අතර, පැහැරගැනීමට ලක්ව ඇත්තේ ඇගේම ඥාති සොහොයුරියක වන 15 හැවිරිදි දැරියකි. තරුණිය සහායක තරුණියත් ත්‍රිරෝද රථ රියැදුරාත් හෙට්ටිපොල මතේස්ත්‍රාත් අධිකරණය වෙත පමුණුවා ඇත.
Comments
Post a Comment