ඔහු ආපන ශාලාවක කෝකියෙකි. උදේ පාන්දර සිටම මත්පැන් බිමට ඇබ්බැහිවුවෙකි. සිද්ධිය වූ දිනයේද සුපුරුදු පරිදි මොහු වැඩ පටන්ගෙන ඇත. පාන්දරින්ම සූර් වූ ඔහු වෙරි මතින්ම රොටි හැදීමට පටන් ගත්තේය. රොටි රස ගැන්වීම සදහා කරපිංචා දැමිය යුතුය. හෝටලයේ සේවකයකු ඇග පාට වැටීමට කොටා බිමට ගෙනැවිත් තිබූ කොහොඹ කොළ මිටක් කරපිංචා ගොඩ අසල තිබී ඇත.
කෝකියා සූර්පිට කරපිංචා කොළ වෙනුවට කොහොඹ කොළ පොල් රොටිවලට දමා ඇත. පාර්යභෝගිකයන් රොටි කන්නට පත් ගත් විට පවසා ඇත්තේ තිත්ත රසත් සමඟ කොහොම කොළ සුවඳක් වන බවය. මුදලාලි මෙය පරීක්ෂා කර බලා කාරණය වටහා ගත්තේය. පාරිභෝගිකයන්ගෙන් සමාව ගත් මුදලාලි පිටි ටික හා පිළිස්සු රොටි ටික විසිකර දමා කෝකියා එවලේම රැකියාවෙන් පහකළේය.
Comments
Post a Comment